Apple සමාගම විසින් ඔක්තෝම්බර් 13 වන දින iPhone 12 series එලිදක්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Apple සමාගම විසින් ඔක්තෝම්බර් 13 වන දින iPhone 12 series එලිදක්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

CovID-19 වසංගත තත්වයත් එක්ක සිදුවු නිෂ්පාදන ප්‍රමාදය නිසා Apple සමාගමට සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පවත්වන ඔවුන්ගේ නවතම iPhones නිකුත් කිරීම සුපුරුදු පරිදි නිකුත් කිරීමට නොහැකි උනා. ඒ පිළිබඳව මීට පෙර අප විසින් ඔබ වෙත ගෙන ආ බව අප සමඟ දිගටම රැඳී සිටි පාඨකයෙක් නම් ඔබට මතක ඇති. මෙවර Apple සමාගමට එලිදැක්වීමට තිබුනේ ඔවුන්ගේ නවතම iPhone series එක වන iPhone 12 series එක සහ ඔවුන්ගේ iPad සහ Apple watch වුවත් සැප්තැම්බර් මාසයේ පවත්වන ලද Time Flies නම් Apple Event එකේදී iPhone 12 series එක හැර Apple Watch Series 6, Apple Watch SE, iPad Air සහ 8th-gen iPad එක නිකුත් කරන්න කටයුතු කලා.

අපි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න මීළඟ iPhone Series වන iPhone 12 series එක එලි දැක්වීමට මේ වන විට Apple සමාගම විසින් කටයුතු කරමින් සිටින අතර iPhone 12 launch event එක ඔක්තෝම්බර් 13 වන දින පැවැත්වීමට නියමිත බව ඔවුන් විසින් නිල වශයෙන් දැනුම් දීලා තිබෙනවා. Apple සමාගම විසින් iPhone 12 launch event එක Apple Park හිදි පෙ:ව 10ට (ලංකාවේ වේලාවෙන් පස්වරු 10:30ට) ඇරඹිමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ පිළිබඳව Ben Geskin තම අදහස් පහත පරිදි Twitter පණිවිඩයකින් දක්වා සිටියා.

මෙම event එකේදී නව iPhone models 4ක් නිකුත් වීමට ඉඩ ඇතැයි මත පල වන අතර ඒවා බොහෝ දුරට අඟල් 5.4ක තිරයක් සහිත iPhone 12, අඟල් 6.1ක තිරයක් සහිත iPhone 12 Max, අඟල් 6.1ක තිරයක් සහිත iPhone 12 Pro, සහ අඟල් 6.7ක තිරයක් සහිත iPhone 12 Pro නම් ජංගම දුරකථන විය හැකි බව මත පල වන අතර අන්තර්ජාලයට මෙම ජංගම දුරකථන වල මිල ගණන් නිකුත් වී තිබුණු බව අප විසින් ඔබට ඊට පෙර වාර්තා කලෙමු.

මෙවර ඔක්තෝම්බර් 13 වන දින එලි දැක්වීමට නියමිත iPhone 12 series එකේ ජංගම දුරකථන සියල්ලම පාහේ මේ වන විට පවතින හැඩයෙන් මඳක් වෙනස් වන බවට මත පල වෙන අතර නව A14 bionic processor එකෙන් බලගැන්වෙනු ඇත. මීට අමතරව දැනට පවතිනවාට වඩා කුඩා notch එකක් සහ වැඩිදියුණු කල කැමරාවන්ද ඇතුලත් වනු ඇත.

මේ වසරේදී ඇපල් සමාගම විසින් තම events පැවැත්වූ ආකාරයටම Apple Event එකද virtual ආකාරයට පැවැත්වීමට නියමිතය.

Sources: Cnet, Apple Events

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara