iPhone 12 වල camera එක replace කිරීමේ හැකියාව Apple සමාගමේ බලයලත් technicialsලාට පමණක් ලබා දේ

iPhone 12 වල camera එක replace කිරීමේ හැකියාව Apple සමාගමේ බලයලත් technicialsලාට පමණක් ලබා දේ

Apple සමාගම තමන්ගේ ජංගම දුරකතන නිපදවීමේදී තම ජංගම දුරකතන මිලට ගෙන පරිශීලනය කරනු ලබන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ඔහුගේ දත්ත වලට ලැබෙන ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සලකා බලන සමාගමක් ලෙස හැඳින්විය හැකිය. එයට හොඳම උදාහරණය වන්නේ Apple සමාගම විසින් හඳුන්වා දී ඇති iCloud තාක්ෂණය. යම් හෙයකින් යමෙකුගේ iPhone එකක් අස්ථාන ගත වුවහොත් එය ආරක්ෂා කර ගැනීමට දැඩි ආරක්ෂිත පද්ධතියක් iCloud හරහා ලබා දී ඇත.

මෙය 100%ක්ම සාර්ථක නොවුනත් මේ වන විට වෙළඳපලේ පවතින ජංගම දුරකතන වලින් හොඳම ආරක්ෂණ පද්ධතිය ලෙස දෙවන ස්ථානයට ලකුණු හිමිවන පද්ධතියකි. පළමු ස්ථානය ගන්නේ තවමත් Blackberry OS එකයි.

එමෙන්ම Apple ස්මාගම තම ජංගම දුරකතන වලට මෘදුකාංග වලින් ලබා දෙන ආරක්ෂාව මෙන්ම දෘඩාග වලින්ද ලබා දෙන ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වී කටයුතු කරන්නේ අද ඊයේක නොවන බව ඔබ හොඳින් දන්නා කාරණාවකි. Apple සමාගම විසින් මුල්ම වතාවට Fingerprint sensor එකක් සහිතව ජංගම දුරකතනයක් ලෙස නිපදවා වෙළඳපලට නිකුත් කරන්නේ iPhone 5S ජංගම දුරකතනයයි.

එහිදී fingerprint එකේ ඇතිවන දෝෂයකදී එය සඳහා replacement එකකට යා යුතු නම් එය සදහා බලයලත් තාක්ෂණික නියෝජිතයෙකුගෙන්ම කර ගත යුතුව තිබුණි. එසේත් නොමැති වුවහොත් fingerprint sensor එක ක්‍රියාවිරහිත වීම සිදුවුනි. නමුත් පසුව මේ සඳහා විවිධ පිලියම් යෙදුනු අතර, ඉතාමත් ලේසියෙන් fingerprint sensor එක replace කිරීම සිදු කරගැනීම කර ගත හැකි උනා.

වසරින් වසර ගතවත්ම, Apple සමාගම විසින් මෙම සීමාවන් තවත් උපාංග වෙත ගෙන යාම සිදු කලා.

උදාහරණයකට ගතහොත්, XS, XS MAX, XR යන ජංගම දුරකතන වල සිට නිකුත් වන ජංගම දුරකතන වල FaceID සහ batteries වෙනුවට වෙනත් ඒවා යෙදීම සිදු කල නොහැකි ආකාරයට සීමාවන් පැනවීම සිදුකලා. යමෙයකින් යම් උපාංගයක් replace කරන්නේ නම් එය සිදු කිරීමට Apple සමාගමේ server එකකා සම්බන්ධ වී අදාල නව උපාංග reprogramming කිරීම සිදු කල යුතු වෙනවා.

Apple සමාගමේ මෙම ප්‍රතිපත්තිය හමුවේ iPhone 12 series එකේ සිට නිකුත් වන ජංගම දුරකතන වල display එක සහ cameraවද වෙනස් කරන්නේ නම් ඒ සඳහා බලයලත් තාක්ෂණික ශිල්පියෙකු හරහා ඔබට එම replacement සිදුකරන්නට වෙනවා.

iFixit නම් ප්‍රසිද්ධ YouTuber විසින් සිදු කල iPhone 12හි teardown එකේදී සහ testing එකේදී ඔහු විසින් cameraව සහ display එක ඉවත් කර වෙනත් cameraවක් සහ display එකක් යොදා ජ්ංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී "Unable to verify that this iPhone has a genuine Apple display" ලෙස පණිවුඩයක් අදාල ජංගම දුරකතනය විසින් ලබා දී තිබෙනවා.

නමුත් කැමරාව සඳහා මෙවැනි පණිවුඩයක් ජංගම දුරකතනය විසින් ඔහුට ලබා නොදෙන අතර, එහිදී කැමරාව ultrawide mode එකට යොමු කල විට ක්‍රියා කිරීම සිදුනොවන අතර ඇතැම් කැමරා මෝඩ් වලදී එය මුළුමනින්ම ක්‍රියාත්මක නොවන නමුත් videos සඳහා හොඳින් ක්‍රියා කිරීම සිදු වෙන බව iFixitගේ වීඩියෝවක සටහන් වෙනවා.

නමුත් iPhone 12 Pro ජංගම දුරකතනයට වෙනත් කැමරාවක් යොදා පරික්ෂා කිරීමේදී කිසිඳු ගැටළුවකින් තොරව wide, ultrawide, tele camera ඇතුළු සියළුම camera modes ක්‍රියාත්මක වීම සිදු වනවා. එය ඔහුගේ පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක.

මේ පිළිබඳව iFixit වීසින් පැහැදිලි කිරීමේදී ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ Apple සමාගම විසින් නිකුත් කල නවතම training manuals හරහා නවතම වෙනස් කම් කිරීම සිදු කර ඇති අටහර iPhone 12 series එකේ සිට display සහ camera වෙනස් කරන්නේ නම් නවතම උපාංග නිසිලෙස ක්‍රියාත්මක වීම සඳහා Apple server හා සම්බන්ධ වී reprogram කරන system configuration tool එක භාවිතා කල යුතු බවයි. ඒ සඳහා Apple සමාගම විසින් නිකුත් කරල training manual එකේ කොටසක් ඔහුගේ blog අඩවියේ සටහන් කර තිබුනේ පහතකාරයටය.

This chart from Apple’s internal repair and training suggests that iPhone 12 models require a technician run “System Configuration” to properly replace a battery, or, new to the 12 series, the display or camera.
This chart from Apple’s internal repair and training suggests that iPhone 12 models require a technician run “System Configuration” to properly replace a battery, or, new to the 12 series, the display or camera.

iFixitට අමතරව YouTubeහි තවත් එක විශාලතම tech repair channel එකක් වන Hugh Jeffreysගේ වීඩියෝවකද මේ පිළිබඳව සඳහන් වී ඇත. පහත දැක්වෙන්නේ එම වීඩියෝව වන අතර 8:50 වෙනි මිනිත්තුවේ සිට ඔබට එය නැරඹිය හැක.

Source: Ifixit

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna