Etsy Selling හරියට ඉගෙන ගෙන හරියට ගොඩ යමු

Etsy Selling හරියට ඉගෙන ගෙන හරියට ගොඩ යමු

Etsy Selling ගැන දැන් ගොඩ දෙනක් හොයන්න පටන් අරන් තියෙනවා පිස්සුවෙන් වගේ. ඒත් ගොඩ දෙනෙක්ට මේ වැඩේ හරියටම කරගන්න බැරි වෙලා තියෙනවා මොකද මේ Platform එක Ebay වගේ පහසුවෙන් Selling කරන්න පුළුවන් තැනක් නෙවෙයි ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න ඕන තැනක්. මොකද පොඩි වැරදීමක් උනත් Account එක Deactivate වෙනවා.

මේ Etsy Platform එකේ තවත් ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Account එකක් හදපු ගමන්ම Account එක Deactivate වෙන එක. ඒ වගේම තවත් ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි කොච්චර හොද Product List කරත් Order නැති වීම. මේ ප්‍රශ්න ඔක්කොටම මම අවුරුදු කිහිපයක් මේ Platform එකේ වැඩ කරල ඉගෙන ගත්ත දේ වලින් ඔයාලට උදව්වක් වෙන විදියට Article Set එකක් ලියන්න කල්පනා කරා. ඒ වගේම අනිවාරෙන් කියන්න ඕන මම Etsy වල වැඩ්ඩෙක් නෙවේ මට වඩා ඕන තරම් දක්ශ අය ඉන්නවා. අපි එහෙනම් දැන් වැඩේට බහිමු.

1. මොකක්ද මේ Etsy කියන්නෙ?

Etsy කියන්නේත් eBay, Amazon වගේම Online Market Place එකක්. ඒ උනාට මේ වෙබ්අඩවිය ඒවට වඩා වෙනස් වෙන විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමා මේ Platform එකේ ප්‍රදානතම තැනක් ලබා දෙන්නේ Handcraft Items වලට. ඒ කියන්නේ අත්කම් නිර්මාණ වලට. ඒත් දැන් දැන් වෙනකොට ඒක ටික ටික වෙනස් වෙමින් පවතිනවා.

අපි දැන් ගොඩ දෙනෙකුට Etsy ගැන තියෙන ලොකුම හා විශේෂම ප්‍රශ්නය මොකක්ද කියල බලමු. ඒ තමයි,

2. Etsy වල Dropshipping කරන්න පුළුවන් ද?

ඇත්තටම කියනවානම් Etsy වල Policies වල විදියට Etsy වල Dropshipping කරන්න බැහැ. නමුත් Etsy වල ඕනෑ තරම් Dropshipping කරන අය ඉන්නවා හැබැයි Dropshipping කරල Etsy එකට අහුවුනොත් Feedback කොච්චර තිබුනත් කොච්චර Account එක පරණ වුනත් වැඩක් නෑ අනිවාරෙන්ම Account එක Deactivate කරනවා.

අපි මෙතනින් මේ Article එක නවත්වමු. මේ Article එක මම මුලින්ම ලියන්න හිතුවේ Etsy වලට අලුත් වගේම දැනට Etsy Selling කරන ඒත් හරියට වැඩේ කරගන්න බැරි හැමෝටම වගේ උදව්වක් වෙන්න. ඒ වගේම මේ Article එකෙන් කරේ මම පුංචි හැදින්වීමක්. ඊලග Article එකෙන් බලමු කොහොමද Deactivate නොවී Etsy Account එකක් හරියට හදාගන්නෙ කියන එක. එහෙනම් හැමෝටම ජය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara