හිතමිතුරන් හා එක්ව messenger හරහා එකවර video නැරඹීමට Watch Together පහසුකමක් Facebook විසින් හඳුන්වා දේ

හිතමිතුරන් හා එක්ව messenger හරහා එකවර video නැරඹීමට Watch Together පහසුකමක් Facebook විසින් හඳුන්වා දේ

මීට කාලයකට කලින් ෆේස්බුක් සමාගම ඔවුන්ගේ platform එකේ ලොකු පෙරලියක් කරමින් Facebook Watch එක introduce කලා. කොච්චර මේක සාර්ථක උනාද කියනවා නම් Facebook watch series පවා produce උනා. ඉතින් කතාවක් තියෙනවනේ සමහර දේවල් එකතු උනාම ඒවා තවත් ආකර්ශනීය වෙනවා කියලා. ඉතින් මේ අනුව යමින් Facebook සමාගම ඔවුන්ගේ Messenger සේවාව ඔස්සේ Video calls, Messenger rooms හරහා තමන්ගේ යාලුවෝ පවුලේ අය එක්ක එකට video බලන්න පුලුවන් feature එකක් Watch Together නමින් හඳුන්වා දී තිබෙනවා.

More Video, More Connections

හැම දවසක ම වගේ Facebook Messenger හරහා video calls මිලියන150ක් වගේ සිදු වෙනවා ඒ වගේම දවසකට මිලියන 200ක් පමණ videos Messenger හරහා share වෙනවා. ඉතින් දැන් ඔයාට මේ Watch Together feature එක හරහා පුලුවන්කම ලැබෙනවා ඒ අත්දැකීම real time experience එකක් විදිහට ලබාගන්න. ඉතින් මේ හරහා ඕනම video එකක් share කරගන්න වගේම ඔයා එහෙම share කරගන්න අයගෙ reactions බලාගන්නත් පුලුවන් වෙනවා.

ඉතින් මේ Watch Together කියන feature එක creators ලටත් ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒ කෙනාට පුලුවන් කම ලැබෙනවා තමන්ගෙ videos live audience එකක share කරගන්න වගේම live engage වෙන්නත්.

How It Works

Watch Together use කරන්න අමාරු නෑ. ඉස්සෙල්ලාම Messenger video call එකක් පටන් අරගෙන හෝ එහෙමත් නැතිනම් Messenger Room එකක් create කරන්න ඕනේ. ඊලගට උඩට swipe කරලා menu එක access කරගන්න ඕනේ. එතනින් ඔයාට select කරගන්න පුලුවන් Watch Together කියන option එක. එතනින් ඔයාට පුලුවන් වෙයි අවශ්‍ය video එක select කරගන්න. ඕනෙ නම් search කරන්නත් පුලුවන්. හරිම ලේසි පහසු feature එකක් විදිහට Watch Together feature එක හඳුන්වන්න පුලුවන්. මේ feature එක Messenger calls හරහා අට දෙනෙක් එක්ක වගේම Messenger Room හී උපරිම වශයෙන් පනස් දෙනෙක් එක්ක use කරන්න පුලුවන්. Watch Together එක තනිකරම free වගේම මේ සතියේ සිට globally roll out වීමට නියමිතයි.

Source : Facebook Newsroom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara