Windows 10 taskbar සඳහා නවතම News and Interests widget එක නිකුත් වෙයි

ඔබ කැමති ප්‍රවෘත්ති, ක්‍රීඩා හා කාලගුණ වාර්තා දැන් taskbar එකටම ලබා ගන්න පුළුවන්.

Windows 10 taskbar සඳහා නවතම News and Interests widget එක නිකුත් වෙයි

මෙම නව widget එක දැන් Windows 10හි  1909, 2004, 20H2 සහ 21H1 යන සංස්කරණ වල ඇති PC වලට නිකුත් කරමින් සිටින බව Microsoft සමාගම නිවේදනය කර තිබුණා.

ඔබේ Windows 10 version එක බැලීමට Start menu -> winver ලෙස type කරන්න.

මෙවැනි නව විශේෂාංගයක් දැනටම තිබෙන Windows සංස්කරණයකට නිකුත් කළ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර එයට ඔවුන් හඳුන්වන්නේ 'News and Interests"ලෙසයි.

මෙයින් ඔබට taskbar එකේ දකුණු පසින් 'widget' එකක් ලබා දෙන අතර එය click කිරීම මගින් Microsoft සමාගමේ MSN.com අඩවියෙන් ලබා දෙන ඔබටම වෙන්වූ ප්‍රවෘත්ති, කාලගුණ සහ ක්‍රීඩා ලකුණු විස්තර ආදිය බලන්න හැකියාව තිබෙනවා.

Image Source: Windows Blogs

මෙහි අරමුණ ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ users ලා වෙනදා ඔවුන්ම සොයාගෙන දැනගන්නා දේවල්, නිරායාසයෙන්ම ඔවුන් වෙත ගෙන ඒමයි. එනම් ඔබට අවශ්‍ය මාතෘකා (Technology, Politics, Cricket, Football ආදිය) තෝරා දුන් විට ඒවාට අදාළ ප්‍රවෘත්ති, Live Scores, කොටස් වෙළඳපොල අගයන් ආදිය මෙහි පෙන්වනු ලබනවා.

Image Source: Windows Blogs

අප ලිපියේ මුලින්ම සඳහන් කළ Windows versions වලට එළඹෙන සති කීපයේ මෙම feature එක නිකුත් කරන අතර, ඔබේ පරිගණකය එය සඳහා සූදානම් නම් Microsoft විසින් එය update එකක් ලෙස install කරනු ඇති.

Source: Windows Blogs

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara