Facebook විසින් නව හඳුන්වා දෙන නවතම පහසුකම, Facebook Shops

Facebook විසින් නව හඳුන්වා දෙන නවතම පහසුකම, Facebook Shops

දැන් ලෝකයේ බොහෝ ව්‍යාපාර ඩිජිටල්කරණය වෙමින් පවතින නිසා සහ තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් කරදරයකින් තොරව මිලදී ගැනීමට හැකි නිසා ලෝකයේ වෙසෙන බොහෝ  පිරිස් මේ Online Shopping සිදුකරනවා. ඒ නිසා ඔන්න ෆේස්බුක් ආයතනය අන්තර්ජාල සාප්පු සවාරි (Online Shopping) බාධාවකින් තොරව කිරීමට "Facebook Shops" කියන මේ සේවාව ලබාදීමට නිවේදනය කරලා තියෙනවා. අපි මේ ලිපියෙන් කතාකරමු මොකක්ද මේ Facebook Shops කියන්නේ කියන එක ගැන.

මේ Facebook Shops කියන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වල නොමිලේ Online Store එකක් නිර්මාණය කළ හැකි ජංගම සාප්පු සවාරි අත්දැකීමක්. ෆේස්බුක් සමාගමට අනුව, මේ Facebook Shops මාස ​​හයකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින සේවාවක්. ෆේස්බුක් සමාගමට අයිති වෙනත් Social Media Platforms හරහා තමන්ගේ නිෂ්පාදන විකිණීම සිදු කල හැකි අතර  තම ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුව , කතන්දර (Stories), මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් Direct Messages මෙයට ඇතුළත් වෙනවා.

මෙම නව විශේෂාංගය නිවේදනය කරමින් ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසන්නේ මේ Covid-19 වසංගත තත්ත්වය නිසා ඇතිවෙන ආර්ථික බිඳවැටීම් නිසා බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය හරහා තමන්ගේ ව්‍යාපාරය සිදුකිරීමට පටන්ගන්නා බවත් ඒ අයට අත්වැලක් විදියට Facebook Shops සේවාව ලබාදෙන බවයි.

ෆේස්බුක් ආයතන කියන විදියට කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය සහයෝගය ලබා දීමට Shopify, BigCommerce, WooCommerce, Channel Advisor, CedCommerce, Cafe24, Tienda Nube සහ Feedonomics වැනි සංවිධාන සමග හවුලේ වැඩ කරනවාලු. ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට මෙම සංවිධාන මගින් ප්‍රබල මෙවලම් ඉදිරිපත් කරනවා. කුඩා පරිමාණ ව්‍යාපාරවලට ෆේස්බුක් හරහා තමන්ගේ ව්‍යාපාරය පටන් ගැනීමට හා එම ව්‍යාපාරය දියුණු කරගැනීමට උදව් කරනවා කියලා තමයි කියන්නේ.

මීට අමතරව,

Instagram Shop.

ඉන්ස්ටග්‍රෑම් ගවේෂණයේදී ඔයා කැමති නිෂ්පාදන සොයා ගැනීමට සහ මිලදී ගැනීමට නව ක්‍රමයක් විදියට Instagram Shop හඳුන්වා දෙන්න තීරණ කරලා තියෙනවා. ඔයාට @shop වෙතින් ඔයාගේ ප්‍රියතම වෙළඳ නාම සහ නිර්මාණකරුවන්ගේ තේරීම් පිරික්සන්න, අලංකාරය සහ නිවස වැනි කාණ්ඩ අනුව Filter කරන්න, මේ හැම දේම එක තැනකින් කරගන්න පුළුවන්. ෆේස්බුක් ආයතනය පවසන ආකාරයට මේ වසර අගදි Shop Tab එකක් Navigation bar එකට ඇඩ් කරනවලු. එතකොට ඔයාට එක ටැප් එකකින් මේ Instagram Shop වෙත පිවිසෙන්න පුළුවන්.

Live Shopping Features.

වසර ගණනාවක් තිස්සේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ව්‍යාපාරිකයන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යෙදුම්වල සජීවී වීඩියෝ භාවිතා කරනවා. ෆේස්බුක් ආයතනය කියන විදියටනම් වැඩිකල් නොයවා විකුණුම්කරුවන්ට, වෙළඳ නාමවලට ​​සහ නිර්මාණකරුවන්ට සජීවීව යාමට පෙර ඔවුන්ගේ ෆේස්බුක් සාප්පුවෙන් හෝ නාමාවලියෙන් නිෂ්පාදන ටැග් කිරීමට හැකි වන අතර එම නිෂ්පාදන වීඩියෝ එකේ යට පෙන්වනු ඇත, එවිට මිලදී ගන්නා අයට පහසුවෙන් තේරුම් ගැනීමට සහ මිලදී ගැනීමට හැකි වෙනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara