2021 වසර අවසානය වන විට Threads Messaging App එක නවතා දැමීමට Instagram සූදානම් වේ

2021 වසර අවසානය වන විට Threads Messaging App එක නවතා දැමීමට Instagram සූදානම් වේ

2019 වසරේදී හඳුන්වාදුන් Threads Messaging App එක Instagram App එක වගේම බොහෝ දෙනා භාවිතා කරන App එකක්. මේ Messaging App එකට අපේ Instagram Direct Messages වගේම SMS පවා යැවීමට සහ කියැවීමට හැකි වනවා.

TechCrunch  වෙබ් අඩවියේ වාර්තාවකට අනුව මෙම App එක හෙට දිනයේ සිට (නොවැ. 23) නවතා දැමීමට කටයුතු කරන බව දැනුම් දෙනවා. මෙම Shutdown Message එක මුලින් ම පැමිණ තිබෙනුයේ ඉංජිනේරුවෙකු වන Alessandro Paluzzi වෙතයි. ඔහු පසුගිය සතියේදි මෙය Tweet එකක් මඟින් දැනුම් දුන්නා. තවමත් ගැටලුවක් වී ඇත්තේ Instagram මඟින් මේ බව මේ වන තුරු කිසිඳු නිල දැනුම් දීමක් නොකිරීමයි.

Tech Crunch වෙබ් අඩවියත් සමඟ තිබූ සාකච්ඡාවකදී Instagram හි ප්‍රකාශකයෙකු විසින් මේ පිළිබදව මේ ආකාරයෙන් පවසා ඇත.

“We know that people care about connecting with their close friends, and we’ve seen this, particularly over the past few years with the growth of messaging on Instagram. We’re now focusing our efforts on enhancing how you connect with close friends on Instagram and deprecating the Threads app.”

කෙසේ නමුත් අපට මේ තුළින් Threads App එකෙහි තිබූ Auto Status වැනි Features කිහිපයක් හෝ සියල්ලම Instagram App එකෙහි Direct Messages වෙත ලැබේ යැයි අනුමාන කළ හැකි වනවා. කෙසේ නමුත් දැනටමත් මේ Instagram Direct Option එක Facebook Messenger සමඟත් සම්බන්ධ වී ඇති නිසා මේ වෙනස්කම සමඟින් Instagram සඳහාද Emoji Reactions, Themes, Watch Movies & Videos Together වැනි පහසුකම් ලබා දී තිබෙනවා.

මෙය සිදුවන්නේ ඇයිද යන්න පිළිබඳව තවමත් නිල නිවේදනයක් ලැබී නොමැති අතර, Facebook සමාගම Meta ලෙස Rebranding වීමත් සමඟ ඔවුන් තමන්ගේ ප්‍රධාන නිෂ්පාදන සඳහා පමණක් අවධානය යොමු කිරීම නිසා ද විය හැකි බව අපට අනුමාන කළ හැකිය.

Source - Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna