තමන්ට අවශ්‍ය නම් පමණක් like count එක turn-off කිරීමේ හැකියාව ලබා දීමට Instagram කටයුතු කරයි

තමන්ට අවශ්‍ය නම් පමණක් like count එක turn-off කිරීමේ හැකියාව ලබා දීමට Instagram කටයුතු කරයි

ඔබට මතක ඇති මීට වසරකට පෙර පමණ පෙර Instagram විසින් එහි Post, Video සදහා ලබා දි තිබු Likes ගණන (Count එක) පෙන්වීම ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස Like Count එක ඉවත් කිරිම පිළිබඳව නම් Instagram භාවිත කරන්නන්ගෙන් ලැබුණේ හොද ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

කෙසේ වෙතත් Facebook සමාගම විසින් නැවත වතාවක් Instagram සදහා Like Count එක ලබා දිමට කටයුතු කර තිබෙනවා. මෙවර මෙය ලබා දි ඇත්තේ අවශ්‍ය නම් Like Count එක පෙන්වන ආකාරයට තමන්ටම සකස් කර ගත හැකි ආකාරයටයි.

ඔබට අවශ්‍ය පරිදි Like Count එක පෙන්විමට හෝ නොපෙන්විමට Settings වලට පිවිස Privacy යටතේ ඇති Posts ඔස්සේ සිදු කල හැකි වෙනවා.

ඒ වගේම අවශ්‍ය නම් ඔබගේ එක් එක් Post වල Like Count එක සැගවිය හැකි වෙනවා. නමුත් මෙලෙස ඔබට අවශ්‍ය Post වල Like Count එක සැගවිමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් ඔබ ඔබගේ Profile එක සදහා Like Count පෙන්විම සක්‍රීය කර තිබිය යුතු වෙනවා.

Sources: Facebook, Gsm Arena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna