Report ඉන්දියානු රජය විසින් එරට තුල Cryptocurrency භාවිතය තහනම් කිරීමට සූදානම් වේ

මේ නිති සම්මත විමෙන් පසුව Cryptocurrency වෙළදුන් හා ආයෝජකයින් අපරාධකරුවන් වෙන අතර ඔවුනට හිමිවෙන දඩුවම් පිළිබඳ මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති වෙනවා.

Report ඉන්දියානු රජය විසින් එරට තුල Cryptocurrency භාවිතය තහනම් කිරීමට සූදානම් වේ

ඉන්දිය රජය විසින් නැවත වතාවත් ඉන්දියාව තුල Cryptocurrency භාවිතය තහනම් කිරිමට සුදානම් වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

මිට පෙර, එනම් 2018දි ද පමණ ඉන්දියානු මහ බැංකුව ( Reserve Bank of India ) විසින් මෙලෙස ඉන්දියාව තුල Cryptocurrency භාවිත කිරිම තහනම් කිරිමට කටයුතු කරනු ලැබුවා. ඉන්දියානු රජයේ නවතම වාර්තාවලට පෙනි යන්නේ නැවතත් ඉන්දියාව තුල Cryptocurrency මගින් වෙළෙඳාම, ලග තබා ගැනිම හා නිකුත් කිරිම තහනම් කිරිමට නිතිමට වශයෙන් කටයුතු කිරිමට සුදානම් වෙන බවයි.

Reuters පුවත් සේවයේ වාර්තාවකට අනුව ඉදිරියේදි මේ ආකාරයට Cryptocurrency භාවිතය තහනම් කරමින් නිති සම්මත කිරිමට සුදානමින් පසුවන අතර මේ පිළිබඳ නිළධාරින් සමග සාකච්චා පවත්වා නිති සම්මත කිරිමේ අවසාන අදියරයේ පවතින බව දක්වන්න පුළුවන්. එය සම්මත වු පසු ඉන්දියාව තුල Cryptocurrency භාවිතය මුලුමනින්ම තහනම් වෙනු ඇත.

මේ නිති සම්මත විමෙන් පසුව Cryptocurrency වෙළදුන් හා ආයෝජකයින් අපරාධකරුවන් වෙන අතර ඔවුනට හිමිවෙන දඩුවම් පිළිබඳ මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති වෙනවා. කෙසේ වෙතත් මිට පෙර 2019 දි රජය තිරණය කර තිබුනේ Cryptocurrency සම්බන්ධ නිති උල්ලංඝනය විම්වලදි ඒ හා සම්බන්ධ පුද්ගලයින් හට වසර 10 සිර දඩුවමක් ලබා දිමටයි.

මෙලෙස Bitcoin වැනි Cryptocurrency ඉන්දියාව තුල තහනම් කිරිමෙන් පසුව ඉන්දිය රජයේ Made In India ප්‍රතිපත්තියටම අනුව නිල Digital Currency එකක් හදුන්වා දිමට බලාපොරොත්තුවෙන් පසුවෙන බවටත් ⁣තොරතුරැ පල වෙනවා.

මෙලෙස ඉන්දියාව තුල Cryptocurrency තහනම් කල විට Cryptocurrency තහනම් කල ලොව පළමු ප්‍රධානතම ආර්ථිකයකට හිමිකම් කියන රට බවට පත්වෙනවා. Cryptocurrency වෙළදාම හා ආයෝජනය සදහා දැඩි නිති පනවා ඇති චීනය ද මේ Cryptocurrency ලග තබා ගැනිම නිති විරෝධි කටයුත්තක් බවට පත් කර නොමැති වෙනවා.

කෙසේ වෙතත් මේ නිති ක්‍රියාත්මක වුවහොත් ඉන්දිය Cryptocurrency වෙළදුන්ට හා ආයෝජකයින්ට මෙන්න ඉන්දියාවට සම්බන්ධව Cryptocurrency පිළිබඳ කටයුතු කරන සැම දෙනාටම මෙය වශාල බලපැමක් වෙන බව නිසකයි. දැනට ඉන්දියානු පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන පක්ෂය භාරතීය ජනතා පත්ෂය වෙන නිසා මේ නිති නුදුරැ අනාගතයේදි බලාත්මක වෙනු ඇත.

Source : Beebom, Reuters

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna