ශ්‍රී ලංකාවේ Broadband ජාලය වැඩිදියුණු කිරීමට Dialog Axiata වෙත ඇමරිකානු ඩොලර් මිලියන 150​ක්

ශ්‍රී ලංකාවේ Broadband ජාලය වැඩිදියුණු කිරීමට Dialog Axiata වෙත ඇමරිකානු ඩොලර් මිලියන 150​ක්

ඔබට මතක ඇති පසුගිය වසරේදි Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ Fiber ජාලය ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් ව්‍යාප්ත කිරිම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් 100Mbps අන්තර්ජාල වේගයකින් යුතු Fiber සබදතාවන් සීමිත ප්‍රදේශ කිහිපයක් සදහා හදුන්වා දෙනු ලැබුවා. මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා තවත් ප්‍රදේශ සදහා ව්‍යාප්ත කරමින් සිටින මේ Fiber ජාලය Dialog සමාගමට International Finance Corporation's (IFC)හි සහයෝගය ලැබි තිබෙනවා.

ඒ අනුව International Finance Corporation එක විසින් ඩොලර් මිලියන 150ක ණය මුදලක් ඔවුන්ගේ ජාල ධාරිතාවය ඉහළ නැංවීමට සහ නව 4G කුළුණු ඉදි කිරිමට ලබා ගෙන තිබෙනවා. මේ ණය මුදල ඔවුන් විසින් ඔවුන්ගේ Fiber ජාලය පුළුල් කිරිම සදහාත් යෙදවීමට Dialog Axiata සමාගම විසින් බලාපොරොත්තු වි සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සැපයුම්කරුවෙකු වන Dialog Axiata සමාගම විසින් Mobile සහ Fixed
Broadband වෙළෙඳපොළින් මේ වන විට 50% ක පමණ අත්පත් කර ගෙන තිබෙන අතර මේ ණය මුදල මගින් ඔවුන්ට මේ ධාරිතාව තවත් ඉහළ නැංවීම පිටුවහල් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Ada Derana Biz

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna