විස්සයි විස්ස ලෝක ශූරතා තරඟවලිය නවතම ආකාරයෙන් ඩිජිටල්කරණය කිරීමට ICCය කටයුතු කරයි

විස්සයි විස්ස ලෝක ශූරතා තරඟවලිය නවතම ආකාරයෙන් ඩිජිටල්කරණය කිරීමට ICCය කටයුතු කරයි

2022 ICC T20 ලෝක කුසලානය සඳහා එළිදක්වන ලද ICC හි නව ඩිජිටල් අත්දැකීම් හරහා ක්‍රිකට් ලෝලීන්ට ඔවුන් ආදරය කරන ක්‍රීඩාව මින් පෙර කිසි දිනක දැක නැති අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

2021දී ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක කුසලානය මිලියන 618 ක ප්‍රේක්ෂක පිරිසක් digital platforms හරහා තරඟාවලිය නැරඹූූ අතර, එය 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට වඩා 28%ක වැඩිවීමකි.

ICC නිල mobile app එක (iOS සහ android) සහ t20worldcup.com වෙබ් අඩවිය තුළින් ලොව ප්‍රමුඛ පෙළේ නව තාක්ෂණික මාලාවන් සමඟින්, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරඟාවලිය සඳහා ඩිජිටල් ආවරණය දැන් නවමු මට්ටමට ගෙන යමින් සිටී.

තරඟ මධ්‍යස්ථානයේ තරඟාවලියේ විශාලතම හයේ පහරවල් ලොව ප්‍රථම අංශක 360 දෘශ්‍යකරණයක් නිර්මාණය කර ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට නව තාක්ෂණයන් භාවිතා කරයි.

පළමු වතාවට, ICC හි නිල දත්ත සැපයුම්කරු SportRadar වෙතින් ලබා දෙන සජීවී දත්තවලින් ප්‍රේක්ෂකයින්ට සජීවීව පන්දු රකින්නන් සිටින ස්ථාන දැකීමට හැකි වනු ඇත.

AI මඟින් බලගැන්වෙන නව vertical වීඩියෝ අත්දැකීමක් ලබා දීම සඳහා ICC app එකෙහි ඇති නවතම තාක්‍ෂණය උපයෝගී කර ගනු ඇත. එය ICC නව හවුල්කාරිත්වයේ කොටසක් ලෙස Facebook සහ Instagram හි නිල ICC පිටු හරහා තරඟ වල විශේෂ අවස්ථා සමාජ මාධ්‍ය වෙත යොදනු ලබනවා.

ICC හි මූලික අරමුණ වනුයේ Digital Media හරහා තරඟ නරඹන රසිකයින්ටද ඔවුන් ක්‍රීඩාංගනයේ සිටම තරඟ නරඹන ලෙසින් අත්දැකීමක් ලබා දීමයි.

මෙවර ICC T20 කුසලානයේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය ඇත්තේ සිරස TV මාධ්‍ය ජාලයටයි.

Source: ICC

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara