2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නො ඉවසිල්ලෙන් බලා සිටින 09 වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි මස 02 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල දී ඇරඹීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නො ඉවසිල්ලෙන් බලා සිටින 09 වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි මස 02 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල දී ඇරඹීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.


මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.

May be an image of 1 person and text that says "SQUAD SRI LANKA 1国 CKu WORLDC EELDA3TN 083314 CUP WANINDUHASARANGAC WANINDU CHARITH CHARITHAGALANKANC ASAL LANKA [VC) KUSAL MENDIS PATHUM NISGANKA PATHUMNISSANKA NKA KAMINDU MENDIS SADEERA SAMARANICKRAMA ANGELO MATHEWS DASUN SHANAKA DHANANJAYA: SILVA MAHEESH THEEKSHANA DUNITH: WEL ALAGE DUSHMANTHA cHAmEEnA CHAM EERA MATHEESHA PATHIRANA NUWANTHUSHIRA NUWAN THUSHARA THUS DILSHAN DILSHANMADJSHANKA MADJSHANKA TRAVELL TRAVILLINGRLSERVE LLLINGHLSLRVL LSLAVE ASITHA HNNDO VIJAYAKANTHY γάκΑΙ BHANUKA AKSA JANITH YNACC"

මේ ලෝක කුසලාන තරඟාවලිය 2022 වසරේදී මෙන් Group ආකාරයට පැවත්වෙන අතර කණ්ඩායම් 5කින් යුත් Groups 4කින් සමන්විත වනවා.

May be an image of text that says "ICC MENS T20 WORLD CUP 2024 GROUPS GROUP A GROUP B C PAKISTAN INDIA IRELAND USA CANADA AUSTRALIA ENGLAND NAMIBIA SCOTLAND OMAN GROUP c GROUP D NEW-ZEALAND NEW- WESTINDIES WEST INDIES UGANDA AFGHANISTAN PNG (၁) SOUTH-AFRICA SIRLANKA BANGLADESH NETHERLANDS NEPAL"

සෑම Group එකකින් ම හොඳම කණ්ඩායම් දෙක Super 8 වටය සඳහා පිවිසෙන අතර එම වටයේ සියලුම තරඟ අවසන් වීමෙන් පසුව ලකුණු පුවරුවේ ඉහළින් ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තේරී පත් වන අතර ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරඟය සඳහා තේරි පත්වනවා. ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 3වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව් යෝර්ක් හීදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ තරඟ කාලසටහන පහතින්.

May be an image of 1 person and text that says "120 VICC WORLDCUP BLACK KNIGHT. SRI LANKA FIXTURES AMES 28 MAY LAUDERHILL 8.00 PM VS NETHERLANDS WARMUP VS IRELAND आਾ MAY LAUDERHILL 8.00 PM VS SOUTH AFRICA WOR SRI LA 3RD JUNE NEW YORK 8.00 4 Vs BANGLADESH 8T JUNE DALLAS 6.00 AM ου 12 JUNE LAUDERHILL 5.00 5.00AM AM vs NEPAL Vs *SL TIME NETHERLANDS 17TH JUNE GROS ISLET 6.00 AM SRI LANKA'S NO.1 SPORTS CHANNEL ThePapare"

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවක් වන TV 1 හා ශක්ති TV නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹීමට හැකි වනවා. ඒ අනුව පහත සංඛ්‍යාත ඔස්සේ ඔබට TV1 සුසර කර ගත හැකි වනවා.

සිරස TV

  • කොළඹ (යූනියන් පෙදෙස)- UHF 23 (487.25 MHz)
  • මහනුවර (හන්තාන)- UHF 29 (535.25 MHz)
  • මහනුවර (හුන්නස්ගිරිය)- UHF 58 (767.25 MHz)
  • මාතර (ගොන්ගල )-UHF 25 (503.25 MHz)
  • මාතලේ (ගම්මඩුව)- UHF 25 (503.25 MHz)
  • බදුල්ල (නමුනුකුළ)- UHF 46 (671.25 MHz)
  • රත්නපුර (මිනුවන්ගල)- UHF 51 (711.25 MHz)
  • මතුගම (රන්නලගල) -UHF 51 (711.25 MHz)
  • යාපනය-UHF 34 (575.25 MHz)
  • නුවරඑළිය(සිංගල් ට්‍රී )-UHF 23 (487.25 MHz)
  • නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 27 (519.25 MHz)

TV 1

  • කොළඹ (යූනියන් පෙදෙස) UHF 58 (767.25 MHz)
  • මහනුවර (හන්තාන)-UHF 51 (711.25 MHz)
  • මාතර (ගොන්ගල)- UHF 53 (727.25 MHz)
  • මාතලේ (ගම්මඩුව)- UHF 53 (727.25 MHz)
  • බදුල්ල (නමුනුකුළ)- UHF 58 (767.25 MHz)
  • රත්නපුර (මිනුවන්ගල)- UHF 54 (735.25 MHz)
  • මතුගම (රන්නලගල)- UHF 53 (727.25 MHz)
  • යාපනය (කිළිනොච්චිය)- UHF 54 (735.25 MHz)
  • නුවරඑළිය (සිංගල් ට්‍රී)- UHF 29 (535.25 MHz)
  • නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 59 (775.25 MHz)
  • Dialog TV පාරිභෝගිකයන් සඳහා Star Sports 1 SD (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේ ද,
  • PEOTV පාරිභෝගිකයන් සඳහා Event TV SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ද ඔස්සේ නොමිලයේ ද,
  • Freesat පාරිභෝගිකයන් සඳහා TV1 (Channel 10) ඔස්සේ ද නැරඹිය හැකි වනවා.

මීට අමතරව FM 92.7 ඔස්සේ Y FM හරහා සියලු ම තරඟවල සජීවී විස්තර විචාරයට සවන් දිය හැකියි.

එමෙන්ම මේ තරගාවලියේ සියලූම තරග Dialog Viu සහ PEOTV Go App ඔස්සේ ද සිරස TV වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම icc.tv App එක හරහාද සජීවිව නැරඹීමේ හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටවල් වල සජීවී විකාශය කරන නාලිකා මෙතැනින් නරඹන්න.


2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිල තේමා ගීතය

මෙවැනි වූ ලිපි සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna