Hyundai සමාගම විසින් 2028දී එලිදැක්වීමට නියමිත Air Taxiහි මූලාකෘතිය එලි දැක්වීමට කටයුතු කර​යි

Hyundai සමාගම විසින් 2028දී එලිදැක්වීමට නියමිත Air Taxiහි මූලාකෘතිය එලි දැක්වීමට කටයුතු කර​යි

වර්තමානය වන විට විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ පියාඹන මෝටර් රථ යථාර්ථයක් බවට පත්වෙමින් පවතිනවා. විවිධ වූ ආකාරයේ පියාඹන මෝටර් රථ සම්බන්ධයෙන් මේ වන විට මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් ඔවුන්ගේ අවදානය යොමු කර පවතින අතර වේ අතර Hyundau සමාගමද වන​වා. එහි ප්‍රථිඵලයක් ලෙසින් CES 2024 දී, කොරියානු වාහන දැවැන්තයා air taxi හි අනාගතය ප්‍රදර්ශනය කරමින් Supernal හි නවතම eVTOL මූලාකෘතිය වන S-A2 2028 නිකුත් කිරීමට නියමිත බව ප්‍රකාශ කලා.

මෙම නව්‍ය මූලාකෘතිය 2020 දී හඳුන්වා දුන් S-A1 සමානකම් තියෙන​වා. Air taxi කර්මාන්තය මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවද, Hyundai හි Supernal අංශය S-A2 මෝට රථ​ය 2028 වන විට නිෂ්පාදනය කිරීමට සැලසුම් කරල තියෙනවා කියල තමා වාර්තා වෙන්නෙ. විදුලි ගුවන් යානා කෙටි දුර සංචාර සඳහා, නගර මධ්‍යයේ සහ ගුවන් තොටුපළ අතර මාර්ග ආවරණය වන පරිදි සකස් කරල තිබෙන මේ මෝටර් රථ​ය පැයට සැතපුම් 120 ක වේගයක් සහ අඩි 1,500 ක උන්නතාංශයකට යාමට හැකියාවක් පවතින බවට එම සමාගම විසින් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

The craft's rotors can rotate to a vertical orientation for takeoff or horizontal for efficient fixed-wing flight.
The craft's rotors can rotate to a vertical orientation for takeoff or horizontal for efficient fixed-wing flight.

Hyundai Motor Group හි සභාපති සහ Supernal හි ප්‍රධාන විධායක නිලධාරී Jaiwon Shin, තාක්ෂණයෙන් පිරිපුන් නිෂ්පාදනයක් සහ වෙළඳපලක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අත​ර S-A2 ගුවන් ගමනේ නව පෙරලියක් වනු වන බව ඔවුන් අපේක්ෂා කරන​වා. මෙම සැලසුම ශබ්ද දූෂණය අවම කිරීමට ප්‍රමුඛත්වය දී ඇති අතර සිරස් අතට ගුවන්ගත වීමේදී සහ ගොඩබෑමේදී අඩු ශබ්දයක් පිට කරනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු වනවා. (මේක සම්ප්‍රදායික හෙලිකොප්ටර් වලට වඩා ඉතා අඩු ඝෝෂාවක්.)

S-A2 හි tilt rotors අටකින් සහ මොඩියුලරයකින් සමන්විත වන අතර බිත්තර හැඩැති කුටිය මගීන්ට සහ ගුවන් නියමුවාට උපරිම දර්ශනපථයක් ලබා දෙනු ලබනවා. මෙම නිෂ්පාදන​ය සාර්ථක කරගැනීමදී මෙම සමාගම​ට අභියෝග කිහිපයකට මුහුණ පෑමට සිදුවනවා. FAA (Federal Aviation Administration) සහතිකය ඇතුළු නියාමන බාධක මෙ​ම අභියෝග ලෙස දක්වන්න පුළුව​න්. 2024 වසර පුරාවට කැලිෆෝනියාවේ විස්තීර්ණ පරීක්‍ෂාවන් හරහා මෙම බාධක ජය ගැනීමට සමාගම අපේක්ෂා කරන අතර, පසුව FAA ඉදිරිපත් කිරීමට සමාගම අපේක්ෂා කරනවා.

Supernal හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී බෙන් ඩයචුන්, නැගී එන විද්‍යුත් බලශක්ති ප්‍රභවයන්හි වැදගත්කම පෙන්වා දෙමින් කියා සිටියේ S-A2 හි බැටරි තාක්‍ෂණය කෙරෙහි සැලකිය යුතු අවධානයක් සමාගම විසින් යොමු කර තිබෙන බවයි. එම නිසා නව S-A2, S-A1 වඩා තාක්ෂණයෙන් ඉදිරියෙන් පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. පියාසර කිරීමේදී බලයට බර අනුපාතය සඳහා තීරණාත්මක වන සැහැල්ලු බව වෙත අවදානය යොමු කිරීම අත්‍යවශ්‍යයයි. මේ සියලු අභියෝග ජය ගනිමින් supernal 2028 වන විට "ගුවන් ගමනේ නව යුගයක්" උදා කිරීමට අපේක්ෂා කරයි.

Cover Image: www.thedailybeast.com Source: www.engadget.com www.cnet.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara