Unlimited Internet සමඟින් හඳුන්වා දෙන Hutch INFINITY Home Broadband

Hutch සමාගම විසින් තම සමාජ ජාල මාධ්‍ය හරහා නව Unlimited Wi-Fi පැකේජයක් හදුන්වා දීමට කටයුතු කර බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Unlimited Internet සමඟින් හඳුන්වා දෙන Hutch INFINITY Home Broadband

ඔබට මතක ඇති පසුගිය වසරේදී Hutch සමාගම විසින් Hutch Home Broadband සේවාව සමඟින් පසු ගෙවුම් පැකේජයන් කිහිපයක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවට අප තොරතුරු ගෙන ආවා. කෙසේ වෙතත් එම පැකේජයන් නිල වශයෙන් හඳුන්වා දීමක් සිදු වුයේ නැත.

මේ වන විට ඔවුන් විසින් තම සමාජ ජාල මාධ්‍ය හරහා නව Unlimited Home Broadband පැකේජයක් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. Hutch INFINITY ලෙසින් හඳුන්වන මෙය මාසිකව රු.7,200.00 මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වන අතර Unlimited Data භාවිත කිරිමේ හැකියාව මේ ඔස්සේ ලැබෙනවා. පැකේජය සඳහා නොමිලයේ Router එකද ලබා දෙන බව ඔවුන් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පැකේජය ලබා ගත හැක්කේ කොළඹ අංක 01 සිට 15 දක්වා ප්‍රදේශ සඳහා පමණයි. ඒ වගේම මේ සමඟින් ඔවුන්ගේ නියෝජිතයකු මගින් ඔබගේ නිවසටම නොමිලයේ සේවාව ලබා දීමත් සිදු කරනවා.

මේ INFINITY පැකේජය සඳහා කිසිදු සම්බන්ධතා ගාස්තුවක් නොමැති අතර, පැකේජය ලබා ගැනිමේදී නැවත ගෙවනු ලබන රු.10000.00ක තැන්පතු මුදලක් ලබා දිය යුතු වනවා.

මෙය ඔස්සේ ඔබට 20Mbps දක්වා වු 4G Data Speed එකක් ලබා ගත හැකි අතර මෙය සඳහා Battery Backup එකක් සහිත ZLT-S10 Router එකක් ලබා දෙන බවයි මොවුන් දක්වා තිබෙන්නේ. ඔබටත් මේ නව පැකේජය ලබා ගැනීමට අවශ්‍ය මේ ඔස්සේ ඔබගේ තොරතුරු ලබා දී මෙය ලබා ගත හැකි වනවා.

Source: Hutch

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna