Huawei සමාගම විසින් Mate X2 නම් Foldable දුරකථනය මෙම මස 22 වන දින දැක්වීමට සූදානම් වේ

Huawei සමාගම විසින් Mate X2 නම් Foldable දුරකථනය මෙම මස 22 වන දින දැක්වීමට සූදානම් වේ

Huawei සමාඟමේ නිළ Weibo පිටුවේ ඵල කර ඇති ආකාරයට, ඔවුන්ගේ නව Flagship ආකාරයේ නැවිය හැකි (Foldable) දුරකථනය මෙම මස අගදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත. මෙතෙක් පැවති නාමකරණය අනුව, මෙම දුරකථනය Mate X2 ලෙස නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.

ලොව ප්‍රමුඛ පෙලේ තාක්ෂණික වෙබ් අඩවි සඳහන් කරන්නේ, Huawei සමාඟම විසින් නිකුත් කර ඇති අදාළ නව දුරකථනයේ ඡායාරූපයට අනුව, එය Samsung Galaxy Z Fold ආකාරයේ තිර දෙකක් (screens) සහිතව නිකුත් කිරීමට බොහෝ සේ ඉඩකඩ ඇති බවයි. මින් පෙර නිකුත් වූ Mate X දුරකථ වල පැවතියේ උපාංගය වටා එතෙන ලෙස නිර්මාණය කළ එක් තිරයක් පමණි.

බොහෝවිට මෙම දුරකථනය Mate 40 Pro මාදිලියේ මෙන් Kirin 9000 ප්‍රොසෙසරය සමඟ නිකුත් වීමට ඉඩ ඇති බව සඳහන් වේ. එමෙන්ම, මෙතෙක් Huawei සමාඟම වෙත එල්ල වී ඇති වාරණ සමඟ මෙම දුරකථනය සමඟ ද Google සේවා ස්ථාපනය නොවෙනු ඇති. නව ඇමරිකානු ජනාධිපති Biden මහතා විසින් පෙර පැනවූ වාරණ වල වෙනස්කම් සිදු නොකළහොත් තවදුරටත් අදාළ වාරණ Huawei සමාඟම වෙත පැනවෙනු ඇති. එබැවින් මෙම මාදිලිය ද චීනයෙන් පිටතදී එතරම් ජනප්‍රියත්වයක් ලඟා කර නොගැනීමට ඉඩ ඇත.

පෙබරවාරි 22 දින දී එළිදැක්වෙන මෙම නව දුරකථනය පිළිබඳ තොරතුරු ඔබවෙත ගෙන ඒමට අපි සූදානමින් සිටී.

Source - theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara