Oppo, Vivo සහ Meizu සමාගම් විසින් Huawei සමාගමේ HarmonyOS භාවිතා කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වේ

Oppo, Vivo සහ Meizu සමාගම් විසින් Huawei සමාගමේ HarmonyOS භාවිතා කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වේ

ඇමරිකානු රජයෙන් පැනවුනු සම්බාධක හේතුවෙන් Google සමාගමේ සේවාවන් වලින් තොරව මෙතෙක් කල් Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කල Huawei සමාගම විසින් මේ වන විට Android වෙනුවට භාවිතා කල හැකි ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන HarmonyOS නමින් වන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

මෙම HarmonyOS එක හඳුන්වා දීමත් සමඟම එය Huawei සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වනු ඇතැයි සඳහන් කරමින් පල වූ මත සනාථ කරමින් අපට වාර්තා වන්නේ Oppo, Vivo සහ Meizu යන සන්නාම නාමයන් යටතේ නිපදවෙන ජංගම දුරකතන ඉදිරියේදී HarmonyOS තම ජංගම දුරකතන සඳහා භාවිතා කිරීමට සූදානම් වන බවයි.

ප්‍රසිද්ධ tipster කෙනෙක් වන Abhishek Yadav විසින් Weibo වෙබ් අඩ්වියේ පලවූ පෝස්ට් එකක් ගෙන හැර දක්වන්නේ Oppo, Vivo සහ Meizu ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් HarmonyOS යොදවමින් නිපදවන ජංගම දුරකතන චීන වෙලඳපලට පමණක් අලෙවිය සඳහා නිකුත් කරනු ඇති අතර අනෙකුත් වෙළඳපලවල් සඳහා මෙම ජංගම දුරකතන නිකුත් නොකරනු ඇති බවයි.

Android සඳහා විකල්පයක ලෙස නිමැවුණු HarmonyOS එකෙ 1.0 සංස්කරණය මේ වන විට මූලික වශයෙන් Smart TV සහ Smart Phones සඳහා භාවිතා කිරීම සඳහා නිකුත් කර ඇති අතර එහි 2.0 සංස්කරණය මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා එලිදක්වා ඇත. එය නිල වශයෙන් එලිදැක්වීම මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මේ වන විට චීනයේ නිපදවන සියළුම ජංගම දුරකතන සඳහා භාවිතා වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වන අතර, HarmonyOS ව්වැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වීම නිසා ඔවුන්ට එය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම Google සමාගම මත පමණක් යැපීමට සිදු නොවනු ඇත.

Android සහ iOS වලට අමතරව තවත් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් තරඟයට පැමිණීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් වනු ඇති බව අපගේ අදහසයි.

Source: My Smart Price

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara