ඇමරිකානු සම්බාධක මැද 2023 දී Huawei සමාගම $ බිලියන 100 ක ආදායමක් ඉපයීමට සමත් ​වේ

ඇමරිකානු සම්බාධක මැද 2023 දී Huawei  සමාගම $ බිලියන 100 ක ආදායමක් ඉපයීමට සමත් ​වේ

Huawei සමාගම 2023 දී ඇමරිකානු ඩොලර් බිලියන 98.5 ක ආදායමක් අපේක්ෂා කරන බව Huawei සමාගමේ නියෝජ්‍ය සභාපති අලුත් අවුරුදු පණිවිඩයකින් පැවසූ බව ලෝක ප්‍රකට රොයිටර්ස් පුවත් සේවය පවසනවා. එය වාර්ෂික ආදායමෙන් 9% වර්ධනයක් වන අතර, 2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 93.5 ක ආදායමක් වාර්තා කරලා තියනවා. ගෝලීය ආර්ථිකයට පනවා ඇති සම්බාධක සමඟ සලකා බැලීමේදී එය සැලකිය යුතු වර්ධනයක් ලෙසයි පැවසෙන්නේ.

Mate 60 Smartphone lineup නිකුත් කිරීමෙන් පසු මෙම වේගවත් දියුනුව වාර්තා වූ අතර, in-house developed Kirin 9000S Chipset ද ඇතුලත්ව අති නවීන අංග රාශියක් සමඟ පැමිණි බව බොහෝ දෙනෙක් දන්නා කරනාවක්. කෙසේ වුවත් සමාගම වෙත එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක නොතකා එම අංග ඉදිරිපත් කිරීමට Huawei සමාගම සමත් වූයෙ කෙසේද යන්නත්, බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ මාතෘකාවකී.

Image gizmochina

සැප්තැම්බර් මස අවසානය වන විට, චීන Smartphone වෙළදපොළෙන් 14% ක කොටස් ග්‍රහණය කර ගැනීමට Huawei සමාගම සමත් වූ අතර එය චීනයේ පස් වෙනි ස්ථානයටද පත් විය.

Huawei නැවත වරක් වේගයෙන් වර්ධනය වීමත් සමඟ වෙනත් වෙළද නාමයන් ඔවුන් දෙස මදක් වුවමනාවෙන් බැලිය යුතු බවයි මගේ අදහස.

Source: sammobile.com www.cnet.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna