Huawei සමාගම විසින් 2021 වර්ෂයේ එලිදැක්වීමට නියමිත Flagship සඳහා liquid lens භාවිතා කිරීමට සූදානම් වේ

Huawei සමාගමේ මිලග Flagship Camera Module එක Liquid Lens නමින් හදුන්වනු ඇතැයි වාර්තා වෙනවා.

Huawei සමාගම විසින් 2021 වර්ෂයේ එලිදැක්වීමට නියමිත Flagship සඳහා liquid lens භාවිතා කිරීමට සූදානම් වේ

Huawei සමාගමේ මිලග Flagship Camera Module එක Liquid Lens නමින් හදුන්වනු ඇතැයි වාර්තා වෙනවා. මේ Liquid Lens Module එක මගින් Image Stabilization එක හා Focus time එකේ වැඩි දියුණු විමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව සදහන් වෙනවා.

ඒ අනුව Focus time එක Milliseconds ගණනක් දක්වා අඩු කර ගත හැකි බව කියන්න පුළුවන්. එනම් මිනිස් ඇසේ Focus time එකට සමාන Focus time එකක් අපිට මේ Liquid Lens Setup එක මගින් ලබා ගත හැකි වනු ඇත. ඒ වගේම මේ Liquid Lens Module එකේ පරික්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව වාර්තා වෙනවා.

Liquid lens camera module

මේ Liquid Lens Module එකේ දි Camera Lens අතර මාරැ විමක් සිදු නොවන අතර Liquid එක හරහා යොදන වොල්ටියතාවය වෙනස් කරමින් ආලෝකය ලබා ගැනිම වෙනස් කිරිම සිදු වෙනවා. සාමාන්‍ය Focusing Motors හා සසදන විට මේ Liquid Lens Module එකේ කල්පැවැත්ම මෙන්ම කම්පන ආදියට ඔරොත්තු දිමත් වැඩි බව කියන්න පුළුවන්.

ඒ වගේම ඉදිරියේදි එළිදැක්වීමට නියමිත Sony IMX782 sensor එක සමග මේ Liquid Lens Module එක සහිත Flagship එකක් නිකුත් වෙන ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gsmarena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna