HarmonyOS එක එලිදැක්වීමේ Livestream එක ජූනි 2 පැවැත්වීමට Huawei සමාගම සූදානම් වේ

HarmonyOS එක එලිදැක්වීමේ Livestream එක ජූනි 2 පැවැත්වීමට Huawei සමාගම සූදානම් වේ

Huawei සමාගම විසින් ඔවුන්ගේ HarmonyOS එක ජුනි මස දෙවෙනි දින නිල වශයෙන් එළිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒ අනුව  Huawei සමාගම විසින් HarmonyOS එක ලබා දිමට බලාපොරොත්තු වෙන Huawei Devices මොනවාද යන්නත් මේ Event එකේ දි සිදු වෙනු ඇත.

Huawei සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුම ඔස්සේ Teaser Video පටයක් නිකුත් කර තිබෙනවා.

HarmonyOS එක එළිදැක්වීමට සමගාමිව Huawei සමාගම විසින් HarmonyOS එක මගින් ක්‍රියාත්මක වෙන Huawei MatePad 2 Device එකත් එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව HarmonyOS මගින් සමන්විත වෙන පළමු Huawei Device එක MatePad 2 වෙනු ඇත.

Huawei සමාගම විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ මේ නව HarmonyOS එක Huawei Devices මිලියන 300ක ප්‍රමාණයක් සදහා මේ වසර අවසානයට පෙර ලබා දිමට බලාපොරොත්තු වෙන බවයි. ඒ අනුව HarmonyOS එක මගින් සමන්විත වෙන නව Huawei Devices කිහිපයකුත් මේ වසර තුල නිකුත් වෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source : Gsm Arena, Weibo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna