එක්සත් ජනපද සම්බාධක හමුවේ Huawei ජංගම දුරකථන සඳහා වන processor chip වල හිඟයක්

එක්සත් ජනපද සම්බාධක හමුවේ Huawei ජංගම දුරකථන සඳහා වන processor chip වල හිඟයක්

Smartphone ලොව වැජබෙමින් සිටි Huawei සමාගමට ලොව ප්‍රබල රාජ්‍යක් වන එක්සත් ජනපදය විසින් පනවන ලද තහනම හේතුවෙන් ඔවුන්ගේ ජංගම දුරකතන සදහා processor chips වල හිගයක් ඇති වී ඇති බව එම සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපදයේ අඛණ්ඩ බලපෑම නිසා සැප්තැම්බර් මාසය වන විට Huawei සමාගමට ඔවුන්ගේ නිශ්පාදන සදහා Kirin chipsets නිපදවීමට නොහැකි වන බව Huawei සමාගම් පාරිභෝගික ව්‍යාපාර ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී Richard Yu ප්‍රකාශ කර සිටිනවා. තවද එක්සත් ජනපදය මුල්කොටගෙන Qualcomm සමාගම මගින්, Huawei සමාගම වෙත පනවා ඇති අලෙවි සීමාවන් සදහා බලපත්‍රයක් නිකුත් කරන මෙන් Donald Trump විසින් බලපෑම් සිදුකරන බව නොරහසකි.

එසේම Qualcomm සමාගම පවසන්නේ exports තහනම් කිරීම මගින් Huawei සමාගම ජංගම දුරකතන සදහා වන තරගයෙන් ඉවත් කිරීමට නොහැකි බවත්, ඒ වෙනුවට ඩොලර් බිලියන 8ක පමණ අති විශාල වෙළදපොලක් ඔවුන්ගේ තරඟකරුවන් වන Samsung සහ MediaTek සමාගමට අත්පත්වන බවයි.

මේ හේතුවෙන් 2020 වර්ශය Huawei Kirin high-end chips වල අවසාන විය හැකි බවත්  සැප්තැම්බර් මාසයේ එළීදැක්වීමට නියමිත Huawei Mate 40 smartphone එක HiSilicon Kirin chip සමඟින් බලගැන්වී නිකුත් වන අවසන් ජංගම දුරකතනය වන බවත් වර්තා වී තිබෙනවා. Kirin chipsets නිෂ්පාදනයේ මංදගාමීත්වයත් සමග Snapdragon chipsets අලෙවි කිරීමට හැකියාව ලබා දුන්නොත් Kirin chipsets හී අඩුව පුරවා ගැනීමට හැකි වීමත් සහ අති විශාල ලාභයක් ලබා ගැනීමට හැකිවෙනබව Qualcomm සමාගම වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

කොහොම නමුත් MediaTek සමාගමේ flagship chipset series එක වන MediaTek Dimensity chipsets භාවිතා කරමින් Huawei සමාගමේ නව නිශ්පාදන අත්හදා බැලීම ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද පැවසෙනවා.

Source: The Associated Press, XDA Developers, The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara