Huawei සමාගම විසින් Nova 8 series එක නොවැම්බරයේදී එලිදැක්වීමට සූදානම් වේ

Huawei සමාගම විසින් Nova 8 series එක නොවැම්බරයේදී එලිදැක්වීමට සූදානම් වේ

Huawei Mate 40 series එක මෙම ඔක්තෝබර් මාසයේ 22 වැනිදා නිකුත් වීමට නියමිත වී ඇත. මෙම එළිදැක්වීමෙන් අනතුරුව, Huawei සමාඟම ඔවුන්ගේ අවධානය Nova 8 series එක නිකුත් කිරීම කෙරෙහි යොමු කරනු ඇත. චීනයෙන් වාර්තා වන ආකාරයට, Nova 8 series එක ලබන මස එනම් නොවැම්බරයේ දී එළිදකිනු ඇති බවයි.

කලින් වාර්තා වූ ආකාරයට, Nova 8 දුරකථන පවුල Nova 8 SE, Nova 8, Nova 8 Pro යන මාදිලි වලින් යුක්ත වේ. මෙම මාදිලි සඳහා HJC-AN00 / TN00 සහ JSC-AN00 / TN00 යන මාදිලි අංක වෙන් කෙරෙනු ඇත.

Nova 8 Pro මාදිලියේ මෑතක දී සමාජගත වූ leak ඡායාරූප වල දැක්වෙන්නේ එම දුරකථනය, curved edges නොහොත් වක්‍ර වූ මුළු සහිත, සහ ඉදිරිපස කැමරා දෙකක් සහිත පෙත්තක ආකාරයේ cutout එකක් හෙවත් කැපුමක ආකාරයේ කැමරා විවරයක් සහිත ව නිකුත් වීමට යන බවයි. එමෙන්ම එහි තිරය 120Hz තරම් වූ refresh rate එකක් සහිත OLED තිරයක් බවත් සැලකෙනවා.

මෙම දුරකථනය MediaTek Dimensity 1000+ චිප්සෙට් එක මඟින් බලගැන්වෙනු ඇත. මෙහි මිළ, යුවාන් 3,999 එනම්, ආසන්න වශයෙන් ඩොලර් 598 ක්ද, ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 110000/- (එක්ලක්ෂ දසදහසක් පමණ) විය හැකිය.

Nova 8 මාදිලිය, බොහෝවිට Dimensity 820 චිප්සෙට් එක සහිතව සහ 90Hz තරම් වූ refresh rate එකක් සහිතව නිකුත් වනු ඇති. මෙම මාදිලියේ මිළ, යුවාන් 3299ක්, එනම් ඩොලර් 493 ක් සහ ආසන්න වශයෙන් රුපියල් 91000/- පමණ වනු ඇත. එමෙන්ම, Nova 8 SE මාදිලිය Dimensity 800 චිප් සෙට් එක සහිතව සහ 8GB තරම් වූ RAM එකක් සහිතවද, අභ්‍යන්තර මතකය 128GB ලෙසද නිකුත් වීමේ ඉඩකඩ ඇත. එහි මිළ යුවාන් 2799 ක් හෙවත් ඩොලර් 419 ක් එනම් ආසන්න වශයෙන් රුපියල් 77200/- ක් පමණ වනු ඇත.

එමන්ම, Huawei සමාඟම ඔවුන්ගේ Nova 7 SE 5G Vitality ලෙස නම් කළ මාදිලියක් මෑතකදී එළිදැක්වීය. එය පෙරදී චීනයේ එළිදැක්වූ Nova 7 SE මොඩලයම වන අතර එකම වෙනස්කම වන්නේ එහි Kirin 820 චිප්සෙට් එක වෙනුවට, Dimensity 800U SoC චිප් සෙට් එක යොදාගැනීමයි.

Source: Gizmochina, NewsBreak

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara