Huawei Mate 40 RS Porsche Design එක සමඟ මිනිස් සිරුරේ උෂ්ණත්වය මැණිය හැකි sensor එකක් ඇතුලත් වන ලකුණු

Huawei Mate 40 RS Porsche Design එක සමඟ මිනිස් සිරුරේ උෂ්ණත්වය මැණිය හැකි sensor එකක් ඇතුලත් වන ලකුණු

Huawei Mate 40 Series එක ඔක්තෝබර් 22 දින එළිදැක්වීමට සුදානම් බවට අපි ඔබව දැනුවත් කරා. ඒ වගේම මේ Event එකේදි Mate 40 Series එකට අමතරව FreeBuds Studio Headphone එක හා Huawei Watch GT 2 Porsche Edition එකත් නිකුත් කරන්න සුදානම් බවයි දැනගන්න ලැබෙන්නේ.

Mate 40 Series එක සමග RS Porsche Design Model එකකුත් ඔවුන් එළිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙනවා තොරතුරු අනුව හේ RS Porsche Edition එක අනෙක් Mate 40 Devicesවලට වඩා විශේෂ වු Features වලින් ද සමන්විත වෙනවා. ඒ අනුව Huawei Mate 40 RS Porsche Edition එක සමග උෂ්ණත්වය මැනිය හැකි අධෝරක්ත උෂ්ණත්ව සංවේදකයක් ඇතුලත් වෙනවා.

එනම් මේ Device එක Infrared Temperature Measurement Sensor එකකින් සමන්විත වෙනවා. මේ Sensor එක මගින් මිනිසුන්ගේ දේහ උෂ්ණත්වය මෙන්ම ජිවි නොවන ද්‍රව්‍යවල උෂ්ණත්වයත් මැන බැලිය හැකි වෙනවා.

ඔවුන් දක්වා ඇති ආකාරයට Sensor එක මගින් උෂ්ණත්ව මැනිමේ දි Temperature Sensor එක හා උෂ්ණත්වය මැනිය යුතු වස්තුව අතර 50cm දුරක් පවත්වා ගත යුතු වෙනවා. ඒ වගේම මේ Sensor එකත් සමගම Mate 40 RS Edition එකට Temperature Measurement App එකක් ලබා දිමටත් කටයුතු කර තිබෙනවා. Infrared Temperature Measurement Sensor එක මගින් ලබා ගන්නා දත්ත සියල්ල මේ App එක භාවිතයෙන් විශ්ලේෂණය කිරිමේ පහසුකම සපයා තිබෙනවා.

Sources : Huawei Central, Sparrows News

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara