Huawei සමාගම විසින් charging adapter එක නොමැතිව ඇතැම් flagship මාදිලියන් අලෙවි කිරීම ආරම්භ කරයි

Huawei සමාගම විසින් charging adapter එක නොමැතිව ඇතැම් flagship මාදිලියන් අලෙවි කිරීම ආරම්භ කරයි

Apple සමාගම විසින් ආරම්භ කරන ලද Charging Adapters රහිතව ජංගම දුරකථන අලෙවි කිරීමේ රැල්ලට මේ වන විට අනෙක් ජංගම දුරකථන නිෂ්පාදකයින්ද ගොදුරු වී තිබේ. පළමුවෙන්ම Samsung සමාගම එය අනුගමනය කළ අතර දෙවනුව Xiaomi සමාගමද එය අනුගමනය කළහ. කෙසේ නමුත් මේ වන විට Huawei සමාගමද රහසිගතවම Charging Adapter රහිතව ජංගම දුරකථන අලෙවියට එක්ව ඇත.

එ අනූව පාරිභෝගිකයින් විසින් Huawei සමාගමේ නිළ වෙබ් අඩවියෙන් හා චීන Huawei ජංගම දුරකථන අලෙවිසැල් තුළින් Charging Adapters රහිතව අලෙවි කරන Huawei Mate X2, Mate 40 Pro, Nova 8 සහ 8 Pro ජංගම දුරකථන සොයාගෙන ඇත. එමෙන්ම Charging Adapter රහිතව අලෙවි කරන බැවින් ජංගම දුරකථනයෙහි මිළෙන් 200 Yuan ($30) පමණ මුදලක් අඩු කර තිබේ. එමෙන්ම මීට පෙර නිකුත් වූ වාර්තාවන් වල සඳහන් වූයේ Charging Adapters නොමිළයේම Huawei Stores හරහා ලබාදෙන බවයි.

Apple සමාගම Charging Adapter ඉවත් කිරීම හා සම්බන්ධව නිවේදනය කළේ එය පරිසර හිතකාමීත්වය වෙනුවෙන් ගත් තීරණයක් බවයි. නමුත් Huawei සමාගමට මේ ආකාරයට Charging Adapters ඉවත් කිරීමට සිදුව ඇත්තේ මතුව තිබෙන Semiconductors (අර්ධ සන්නායක) හිඟය හේතුවෙනි. කෙසේ නමුත් Charging Adapters රහිතව අලෙවි කිරීම නිසා සැලකිය යුතු ලෙස ජංගම දුරකථනයන්හි මිළ අඩුව තිබේ. කෙසේ නමුත් Huawei සමාගම මේ සියලු උත්සාහයන් දරන්නේ තවදුරටත් තම ස්ථානය ආරක්ෂා කර ගැනීමටයි.

Source :- Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara