Huawei වෙළඳ ප්‍රචාරණයට නැවත DSLR sample භාවිතා කරයි

Huawei වෙළඳ ප්‍රචාරණයට නැවත DSLR sample භාවිතා කරයි

දැනටමත් ගොඩ දෙනෙක් දන්න කරුනක්. ඒ වගේම මීට කලිනුත් මෙහෙම දේවල් Huawei ලා විසින් සිදු කරලත් තිබුනා. කොහොම උනත් එයාලා නැවත වරක් එකම දේ ඒ විදිහටම සිදුකරලා තිබෙනවා. කතාව පටන් ගන්නේ මෙහෙමයි.

DSLR And Huawei අතර ලොකු සම්භන්දයක් තියෙන බව පොඩ්ඩක් ගොස්සිප් එහෙම හොයන අය හොදටම දන්න කරුනක්. පසුගිය වසරවලදිත් Huawei ආයතනය විසින් DSLR Camera භාවිතා කර Photos අරන් Huawei Device වලින් ගත්ත හා සමානව පෙන්නලා මේ වගේම හසු උනා ඉතින් මේ පාරත් එයාලා ඒ දේම කරලා තිබෙනවා. Huawei ආයතනය විසින් පැවති චායාරූප තරගයක Promotion Video එකකින් තමා මේ ප්‍රශ්නය එලියට එන්නේ.

Huawei ආයතනය පවසන විදිහට එම Video වෙහි තිබෙන චායාරූප සියල්ලම වගේ අරන් තිබෙන්නේ Huawei Device වලින්. නමුත් කතාව එහෙම නෙමේ මේ Images පරිශීලනය කර කිහිපදෙනෙක් ට අසු උන දෙයක් තමා මේ Images  available on 500px යන Website එකේ මිට කලින් පලවී ඇති බව. Su Tie කියන චායාරූප ශිල්පියා විසින් තමා මේ කියන Images අරගෙන තිබෙන්නේ. මෙයට භාවිතා කර තිබෙන්නේ Nikkon D850 කියන Camera වයි ඉතින් ඇත්තටම මේ චායාරූප Huawei Device එකක් භාවිතා කරලා ගත්ත ඒවා නෙමෙයි.

Suspicious photos

වැඩිදුර තොරතුරු මේ ගැන හොයද්දි තමා දැනගන්න ලැබුනේ Huawei ආයතනය මේ ගැන සාමාව ඉල්ලලා තිබෙනවා ඒ වගේම මේ වගේ ගැටලූ කාරි Images මතු උන සියල්ල ඔවුන් Promotion Video එකෙන් ඉවත් කරන්න කටයුතු කර තිබෙනවා.මේ වගේ වැරදී සිදුවීමට ඉඩ ඇති බව සාමන්‍යෙයෙන් සිතිය හැකි නමුත් Huawei ආයතනය දිගින් දිගටම මේ ආකාරයේ සිදුවීම් වලට හසු උන නිසා මේක අත් වැරදකින් සිදු වූ සිදුවීමක්ද කියන එක අදටත් සැකයක්. කලින් පැමිනි Huawei Device ගැන කතා කරොත් P9, Nova 3, P30 වගේ Device වල Adds වලටද මේ ආකාරයෙන්ම  DSLR Camera භාවිතා කර රැවටීම කරන්න ගිහින් හසු වෙලා තිබෙනවා.

ඇත්තටම මේ වගේ රැවටීම් වලින් Huawei ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක නම් අදටත් ගැටලුවක්. Customers ලා රවටනවාට වඩා ඔවුන්ගේ Device වලින් ගත්ත Real Images භාවිතා කර මේ වගේ Adds නිර්මාණය කරා නම් මේ වගේ හසුවීම් වලට ලක් නොවී හොද ගමනක් යැමට Huawei ආයතනය අනිවාරෙන්ම පුලුවන්කමක් තිබෙනවා.  

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara