බ්‍රිතාන්‍යය රජය විසින් 5G networks වලින් Huawei සමාගම ඉවත්කිරීම තහවුරු කරයි

බ්‍රිතාන්‍යය රජය විසින් 5G networks වලින් Huawei සමාගම ඉවත්කිරීම තහවුරු කරයි

ඇමෙරිකාවේ Trump administration එක සතුටට පත් කරන අතරේ චීනයේ බීජිං නුවර උණුසුම් කරමින් බ්‍රිතාන්‍යය දෙසැම්බර් 31 වැනිදා සිට බලපැවැත් වෙන විදිහට එරට සියලු ම mobile networks operators ලට 5G networks සඳහා Huawei උපකරණ භාවිතය නිළ වශයෙන් තහනම් කරලා තියෙනවා.

ඊට අමතරව Boris Johnson රජය 2027 වෙද්දී සියලුම networks වලින් Huawei උපකරණ ඉවත් කරන්නට එරට network carriers ලා වෙත දැනුම් දීලා තියෙනවා.

ඉතින් මීට කලින් මූලික වශයෙන් මේ ගැන රජය පවසා තිබුණත් බ්‍රිතාන්‍යයේ National Cyber Security Centre එක මේ ගැන අධ්‍යනය කරමින් සිටියා. ඒ ගැන මීට කලිනුත් Android වැඩකාරයෝ අපි ඔයාලව දැනුවත් කලා.

මේ ආකාරයේ අධ්‍යනයකින් පස්සෙයි ඔවුන් මෙය තහවුරු කරලා ක්‍රියාවට නංවන්න හිටියේ. ඉතින් National Cyber Security Centre එකෙන් මේ වෙද්දී වාර්තාව ලැබිලා තියෙන නිසා මෙය නිළ වශයෙන් නිවේදනය කරන්න බ්‍රිතාන්‍ය රජය කටයුතු කලා.

ඉතින් මේ decision එක බ්‍රිතාන්‍ය රජයෙන් අරන් තියෙන්නේ Huawei සමාගම ඇමෙරිකාවේදී තහනමට ලක් උනාට පස්සෙයි. ඔවුන්ට තිබුන චෝදනාව උනේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම විදිහටයි. ඉතින් මේ තීරණය දැනට බ්‍රිතාන්‍යයේ තියෙන 2G, 3G සහ 4G networks වලට බලපාන්නේ නැති උනත් පසු කාලීනව බලපෑමක් ඇති වෙනවා. බ්‍රිතාන්‍ය රජයට අනුව මේ නිසා එරට 5G තාක්ෂණය නිකුත් කිරීම අවුරුද්දකින් කල් යනවා වගේම, ඒ තුලින් රජයට පවුම් බිලියන දෙකක් පාඩු වෙනවා.

ඉතින් කලින් සඳහන් කරා වගේ මේ තීරණය කලින් අරගත්ත ඇමෙරිකානු රජය බ්‍රිතාන්‍යයත් ඔවුන් ව අනුගමනය කිරීම ගැන සතුටු වී තිබෙනවා.

“We convinced many countries, many countries. And I did this myself for the most part – not to use Huawei. Because we think it’s an unsafe security risk, it’s a big security risk”                                                                                                                        -US President Donald J. Trump.

බලාපොරොත්තු උනු අකාරයටම චීනයෙන් මේ සම්බන්ධයෙන් ලැබිල තියෙන්නේ සතුටු දායක ප්‍රතිචාරයක් නම් නෙමේ. Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ චීන තානාපති Liu Xiaoming මහතා සිය කණස්සල්ල ප්‍රකාශ කොට තිබෙනවා.

“Disappointing and wrong decision by the UK on Huawei”

කෙසේ වෙතත් මේ තහනම ගැන Huawei සමාගම් පවසන්නේ ජාතික ආරක්ෂාවට වඩා භූ-දේශපාලනය සම්බන්ධව ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට ගැටලු ඇති වෙලා තියෙන බවක් පෙනෙන්නට තියෙනවා කියලයි.

“I think this is … not about security, this is about trade”.                                                  -Ed Brewster, Huawei’s UK communications director.

Source: BBC

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara