Google Pixel 8 මාදිලි​ය සඳහා වසර 07ක් දක්වා Software සහාය ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

Google Pixel 8 මාදිලි​ය සඳහා වසර 07ක් දක්වා Software සහාය ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

Android වැඩකාරයෝ අපත් සමඟ නිරතුරුව රැඳි සිටින ඔබ දැනටමත් එළඹෙන ඔක්තොම්බර් මස 04 වන දින නිකුත් වීමට නියමිත Google Pixel 8 Series එක ගැන හොදින්ම දන්නා බව නිසකයි.

Pixel 8 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි
Google සමාගම විසින් ඔවුන්ගේ Premium Smartphone Series එක වන Google Pixel Series එකේ නවතම Smartphones පෙළ සහ නවතම Pixel Watch Series එක නුදුරේදීම එළිදැක්වීමට සුදානමින් සිටිනවා.

මේ Pixel 8 Series එක පිළිබඳව වාර්තා වන නවතම තොරතුරු වල​ට අනුව Google සමාගම විසින් ලොව ප්‍රථමවරට Android Smartphone එකක් සඳහා වසර 07ක් දක්වා Software Support එක ලබා දීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙලෙස මේ Pixel 8 Series එක සඳහා වසර 07ක් දක්වා Software Support එක ලැබුණහොත් මෙය අනෙක් Android Smartphone නිෂ්පාදන සමාගම්වලටත් ඔවුන්ගේ Premium Devices සමඟින් ලබා දීමට සිදු වනු ඇතැයි ද අපට බලාපොරොත්තු වන්න පුලුවන්. මේ තුලින් දැනට Apple iPhones සඳහා පමණක් ලැබෙන ආකාරයේ හොද Software Support එකක් වසර 05කට පමණ පසුව වුවත් Android Smartphones සඳහාත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Image Source - Kamila

කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳව කිසිදු නිල තොරතුරක් Google සමාගම විසින් හෙළිකර නොමැති වන අතරම වාර්තා වන තොරතුරුවලට අනුව වසර 07ක් දක්වා වු Software Updates සහ Security Patches මේ ආකාරයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara