hTC නැවතත් සටනට, තම පළමු 5G ජංගම දුරකථනය ලෙස hTC U20 5G නිකුත් කරයි

hTC නැවතත් සටනට, තම පළමු 5G ජංගම දුරකථනය ලෙස hTC U20 5G නිකුත් කරයි

පහුගිය කාලයේ hTC සමාගම නිහඬව කිසිම අළුත් device එකක් එලියට දාන්නේ නැතුව කාලය ගත කලා. ඒත් හදිසීයේම පහු උන ජූනි  වෙනිදා hTC සමාගම විසින් Instagram පණිවිඩයක් තබමින් ඔවුන් ජූනි 16 hTC Desire 20 Pro නමින් device එකක් නිකුත් කරන බව පවසා සිටියා සහ එම පුවත අපි ඔබට රැගෙන ආවා.

නමුත් සැවොම විමතියට පත් කරමින් ජූනි 16 දින hTC සමාගම Desire 20 Pro දුරකථනය සමඟ hTC U20 නම් තම ප්‍රථම 5G තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනයද තායිවානයේ තායිපේ නගරයේදී නිකුත් කරා.

HTC U20 5G

hTC U20  ජංගම දුරකථනය අඟල් 6.8ක 1080 x 2400ක resolution එකෙන් යුතු FullHD+ display එකකින් සමන්විත අතර Qualcomm Snapdragon 765G chipset එකෙන් සහ 8GB RAM එකකින් යුක්තයි. ඊට අමතරව 256GB internal storage එකක් තියෙන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබට microSD card එකක් භාවිතාවෙන් මතක ධාරිතාව ඉහල නංවා ගැනීමට හැකිවීමයි.

මෙහි ඇත්තේ quad camera setup එකකි. එහි මෙහා පික්සල් 48ක primary camera එකද, මෙගා පික්සල් 8ක ultrawide-angle lens එකක්ද, මෙගාපික්සල් 2කක කැමරා ලෙන්ස් දෙකකින්ද සමන්විතයි. ඊට අමතරව මෙය 4K video record කිරීමේ හැඉක්‍යාවද පවතිනවා. Front cameraව ලෙස මෙගාපික්සල් 32ක punch hole කැමරාවක් දැකගන්න පුළුවන්.

hTC U20 ජංගම දුරකථනය 5,000mAh බැට්‍රියකින් සමන්විත අතර එය Quick Charge (QC) 4.0 තාක්ෂණයෙන් සමන්විත 18W චාර්ජරයකින් Fast charge කරගත හැක.

hTC U2o දුරකථනය NT$18,990 ලෙස මිල කර තිබෙනවා. NT$ කිව්වේ New Taiwan Dollar. Pre-order ජූලි 1 වෙනිදා ආරම්භ වනු ඇත.

HTC Desire 20 Pro

පෙර වාර්තා කරල අන්දමට ඒ විශේෂතා සහිතවම මෙම ජංගම දුරකථනය නිකුත් වී ඇත.

මෙම ජංගම දුරකථනයේ මිල ලෙස NT$8,990ක් සටහන් වන අතර අද සිට (ජූනි 18) මිලදී ගත හැක.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara