U Series එක සමඟින් නැවතත් කරළියට එන hTC

මේ ⁣වන විට hTC සමාගම විසින් නිකුත් කර ඇති නවතම Twitter සටහනට අනුව ඔවුන් විසින් නැවතත් ඔවුන්ගේ hTC U Series එකේ Smart Phone එකක් සමඟින් වෙළෙඳපොළ වෙත ඇතුළු වීමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

U Series එක සමඟින් නැවතත් කරළියට එන hTC

Smart Phone ලොවේ රජු, නැතිනම් අංක 01 ලෙස අතීතයේ හැඳින්වෙන ලොව පළමු Android සහ Windows Smart Phones නිෂ්පාදකයා වු hTC ගැන ඔබ අසා ඇති බව නිසකයි. hTC සමාගමේ අතීතය පිළිබඳ අප මීට පෙර ගෙන ආ ලිපිය මෙතනින් බලන්න. විවිධ හේතුන් නිසා ඇති වු hTC Brand එකේ බිදවැටිම හමුවේ මේ වෙන වෙළෙඳපොළ පවතින Android Smart Phone Brands අතරින් මේ hTC කියන Smart Phone Brand එකත් අපිට ඇහෙන්න දකින්න ලැබෙන්නේ නැති තරම්.

මේ ⁣වන විට hTC සමාගම විසින් නිකුත් කර ඇති නවතම Twitter සටහනට අනුව ඔවුන් විසින් නැවතත් ඔවුන්ගේ hTC U Series එකේ Smart Phone එකක් සමඟින් වෙළෙඳපොළ වෙත ඇතුළු වීමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ Teaser Video Clip එකට අනුව මෙලෙස එළිදැක්විමට නියමිත පවතින hTC U Series Smart Phone එක අවසන් වරට 2018 එළිදැක්වු hTC U12+ Smart Phone එක මෙන් Flagship Device එකක් වේද, නැතිනම් 2020 වස⁣රේදී එළිදැක්වු hTC U20 5G මෙන Mid Range Device එකක් වේද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වි නොමැති වුවත් මේය බොහෝ විට Flagship Killer Smart Phone එකක් විය හැකි බවට ඉගි පළ කෙරෙනවා. ඒ වගේම Metaverseහි hTC Version එක වන Viverse සමඟි මෙහි යම් සම්බන්ධතාවක් ඇති බවටත් අපිට දක්වන්න පුලුවන්. නමුත් AI සමඟින් පුවත් මවන 2023 වසරේ, Metaverse ?

මේ ප්‍රශ්නාර්ථයත් සමඟින් ඉදිරියේදි නව hTC U Series Smart Phone එක ගැන තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වන අතරම මේ Series එක කෙසේ වේවිද, මේ ඔස්සේ hTC Brand එකට Android Smart Phone වෙළෙඳපොළ සඳහා සාර්ථකව ඇතුළු විමේ හැකියාව ලැබේවිය යන්න අපි බලමු.

Sources: 9to5google Androidpolice

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara