ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නොමිලයේ නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී විමට සිම්බාබ්වේ බලා පිටත් වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දසුන් ශානකගේ නායත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 15 දෙනෙකු තොරා පත් කර තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නොමිලයේ නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී විමට සිම්බාබ්වේ බලා පිටත් වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 15 දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.

Image Source - Sri Lanka Cricket Facebook Page

මේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වන අතර මින් කණ්ඩායම් දෙකක් පමණක් එළඹෙන ඔක්තොම්බර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව Group B ඔස්සේ මේ තරගාවලිය සඳහා සහභාගී වන අතර ශ්‍රී ලංකාවට අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරඟ වැදීමට සිදු වනවා. Group B ඔස්සේ සිටින කණ්ඩායම් 04න් ඉහළම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් තුන Super Six Stage එක සඳහා තරග වැදීමට Group A ඔස්සේ තරග වැදි ඉහළම ප්‍රසාද ලකුණු හිමි කණ්ඩායම් තුනත් සමඟ සුදුසුකම් ලබනවා. Super Six Stage එකෙන් ඉහළම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදානම් ලබා ගනු ලබනවා.

Image Source - ICC Cricket

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Group B ඔස්සේ මුලික තරග 04ක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර මීට අමතරව නෙදර්ලන්තය (ජුනි 13) සහ ඇමරිකා එක්සත් ජනපදය (ජුනි 15) සමඟ පුහුණු තරඟ දෙකකුත් තරගාවලි කාළසටහනට අනුව මේ වන විටත් පවත්නවා තිබෙනවා.

Image Source - Sri Lanka Cricket

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ රූපවාහිනී නාලිකා වන සිරස TV සහ TV 1 නාලිකා දෙක ඔස්සේ මෙම තරගාවලියේ සජීවිව නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Dialog TV පාරිභෝගිකයන් සඳහා Star Sports 1 SD (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේ ද PEOTV පාරිභෝගිකයන් සඳහා Event TV SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ද ඔස්සේ නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ තරගාවලියේ සියලූම තරග Dialog Viu සහ PEOTV Go App ඔස්සේ ද සිරස TV වෙබ් අඩවිය ඔස්සේ ද සජීවිව නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara