කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

පෙබරවාරි 10, අද දින සිට කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ආරම්භ විමට නියමිත වනවා. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 10ක් සහභාගී වන අතර දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන 03ක් කේන්ද්‍ර කරගෙන තරග 23ක් පැවැත්වීමට නියමිතව පවතිනවා.

මෙම තරගාවලියේ පුහුණු තරග ලෙස අයර්ලන්තය සමඟින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමගින් තරග දෙකක් පැවැත් වුණ අතර මුලික වටයේ තරග අද සිට ඇරඹිමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන - Sri Lanka Cricket Facebook Page

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මුලික වටයේ තරග ලෙස දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග තරග වැදීමට නියමිත වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද රාත්‍රි 10.30ට ඇරඹිමට නියමිතව තිබෙනවා.

මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරගයන් Dialog TV ( Ch No - 74 ) සහ PEO TV ( Ch No - 40 ) පාරිභෝගිකයන්ට Star Sports 2 ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Sources: Sri Lanka Cricket Dialog Axiata PEO TVCover Image: ICC Facebook Page

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara