ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර දීවා රාත්‍රී එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් නොවැම්බර් 25වනදා සිට 30වනදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව,

  • පළමු තරඟය නොවැම්බර් 25 වනදා ප.ව. 2.00ට,
  • දෙවන තරඟය නොවැම්බර් 27 වනදා ප.ව. 2.00ට,
  • තෙවන තරඟය නොවැම්බර් 30 වනදා ප.ව. 2.00ටත් ආරම්භ වීමට නියමිතයි.

මෙවර මෙම තරඟාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත TV නාලිකාවට වන අතර, Dialog හා Peo TV හරහා නරඹන්නන්ට නාලිකාවන් දෙක බැඟි ලබාදී තිබෙනවා.

ඒ අනුව Peo TVහි Sony Sports 5 (CH:37) නාලිකාවෙන් සහ Ten Cricket (CH:44) නාලිකාවෙන් නැරඹිය හැකි වනවා.

Dialog TVහි Sony Sports 5 (CH:76) නාලිකාවෙන් සහ Ten Cricket (CH:69) නාලිකාවෙන් නැරඹිය හැකි වනවා.

මීට අමතරව මෙම තරඟාවලිය Dialog ViU, PEO TV GO, Sony Liv යන mobile apps හරහා මෙන්ම Sri Lanka Cricket YouTube නාලිකාව හරහාද තරඟාවලිය නැරඹිය හැකියි.

තවද FM 89.8, 97.4, 102.1, 104.7, 104.9, 107.3 හා 107.5 ඔස්සේ ජාතික ගුවන්විදුලි නාලිකාව හරහා පන්දුවෙන් පන්දුව තරඟයේ සිංහල විස්තර විචාරයට සවන් දිය හැකියි.


මෙම තරඟාවලිය ක්‍රීඩාංගනයට ගොස් නැරඹීම සඳහා ප්‍රවේශ පත් රු. 500, රු. 2000, රු. 4000, රු. 5000 ආදී වශයෙන් ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ශාඛාවෙන්, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් හෝ බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ඔබට මිලදී ගත හැකි වනවා.

මීට අමතරව MyCricket වෙබ් අඩවිය හරහාද ඔබට Online ප්‍රවේශ පත් මිලදී ගත හැකි වනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara