ශ්‍රී ලංකා Legend ක්‍රිකට් තරු සහභාගී වෙන "Legends Cricket Trophy 2023" තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා Legend ක්‍රිකට් තරු සහභාගී වෙන "Legends Cricket Trophy 2023" තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ලොව පුරා Legend ක්‍රිකට් තරු තරග වැදෙන "Legends Cricket Trophy 2023" තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව පවතින අතර මෙම තරගාවලිය සඳහා Guwahati Avengers, Vizag Titans, Chandigarh Champs, Indore Knights, Nagpur Ninjas සහ Patna Warriors ලෙසින් කණ්ඩායම් හයක් තරග කරනු ලබනවා.

මේ තරගාවලියේ කණ්ඩායම් 06 සඳහාම ශ්‍රී ලංකා Legend ක්‍රිකට් තරු 8 දෙනෙකු ක්‍රීඩා කිරිමට නියමිත වෙන අතර අද (මාර්තු 22) සිට මාර්තු 30 වනදා දක්වා තරග 18 කින් යුතුව මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියේ මුලික වටයේ තරග සියල්ලම සහ අර්ධ අවසන් වටයේ තරග මාර්තු 22 සිට මාර්තු 29 දක්වා සවස 3.00 ට සහ රාත්‍රි 7.30ට ආරම්භ විමට නියමිත අතරම අවසන් මහා තරගය මාර්තු 30 රාත්‍රි 7.00 ආරම්භ විමට නියමිත වෙනවා.

Legends Cricket Trophy 2023 සදහා සහභාගි වෙන ශ්‍රී ලංකා Legend ක්‍රිකට් තරු,

• Guwahati Avengers - සනත් ජයසූරිය සහ උපුල් තරංග

• Vizag Titans - තිසර පෙරේරා සහ ඉසුරු උදාන

• Chandigarh Champs - T.M.ඩිල්ෂාන්

• Indore Knights - ඩිල්ෂාන් මුණවීර

• Nagpur Ninjas - දිල්හාර ප්‍රනාන්දු

• Patna Warriors - ෆර්වේස් මහරුෆ්

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ නිල Digital විකාශන අයිතිය Supreme TV විසින් ලබා ගෙන තිබෙන අතර ඔවුන්ගේ "Supreme Live" Facebook පිටුව සහ "Supreme Live" YouTube නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Image Source - Lct20

මීට අමතරව Freesat පාරිභෝගිකයන් සදහා DD Sports (CH No - 91) ඔස්සේද මෙම සම්පූර්ණ තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Sources: LCT20 Supreme Live

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara