ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය නරඹන්නේ මෙහෙමයි

2023 වසරේ අයර්ලන්ත කණ්ඩායමේ පලමුවන ටෙස්ට් තරඟාවලිය ලෙස මේ මස 16 වනදා සිට 28 වනදා දක්වා ටෙස්ට් තරඟ 2කින් යුතු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය නරඹන්නේ මෙහෙමයි

2023 වසරේ අයර්ලන්ත කණ්ඩායමේ පළමුවන ටෙස්ට් තරඟාවලිය ලෙස මේ මස 16 වනදා සිට 28 වනදා දක්වා ටෙස්ට් තරඟ 2කින් යුතු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟ කාලසටහන

  1. පළමු තරගය - අප්‍රේල් 16 සිට 20 දක්වා
  2. දෙවන තරගය - අප්‍රේල් 24 සිට 28 දක්වා
  • තරඟ ආරම්භය සෑම දිනකම උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

මෙම තරඟාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට TV1 නාලිකාව සමත් වී තිබෙන අතර UHF 58 (767.25 MHz) ඔස්සේ සහ Freesat නාලිකා අංක 9 ඔස්සේ ඔබට මෙම සම්පූර්ණ තරගාවලියම නැරඹිය හැකි වනවා.

Dialog පාරිභෝගිකයන් සදහා Ten Cricket (CH No - 65) නාලිකාව ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයන් සදහා Sony Sports Ten 5 SD (CH.37) සහ Sony Sports Ten HD (CH.318) නාලිකා දෙක ඔස්සේ මෙන්ම Ten Cricket SD (CH.44) සහ HD (CH.317) යන නාලිකා ඔස්සේ ද මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා.

තවද FM 97.4 හරහා SLBC රේඩියෝ නාලිකාවේ ජාතික ක්‍රීඩා විකාශය ඔස්සේ සජීවී විස්තර තරඟයේ විචාරයටද ඔබට සවන් දිය හැකියි.

මීට අමතරව Sony Liv App, Dialog VIU App සහ PEO TV Go App ඔස්සේ මෙන්ම Sri Lanka Cricket YouTube නාලිකාව ඔස්සේත් සම්පූර්ණ තරගාවලිය Online නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara