අද දින සිට ඇරඹෙන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින 13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 19 වන දින ඉන්දීයාවේදී ඇරඹිමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.

අද දින සිට ඇරඹෙන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින 13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 19 වන දින ඉන්දීයාවේදී ඇරඹිමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා. Android වැඩකාරයෝ සමඟ එකතු වී සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති මේ තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලබා දෙන කුසලානය අභ්‍යාවකාශයට ගමන් කළ ලොව පළමු කුසලානය බවටත් පත් වු බව.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී විමට පසුගියදා ඉන්දියාව බලා පිටත් වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.

මේ ලෝක කුසලාන තරඟාවලිය 2019 වසරේදී මෙන් Single Round-Robin ආකාරයට පැවත්වෙන අතර මේ සඳහා සහභාගී වන කණ්ඩායම් 10ම එකිනෙකා සමඟ තරඟවැදිය යුතු වනවා. එම සියලුම තරඟ අවසන් වීමෙන් පසුව ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වන අතර ඉන් ජයග්‍රහණය කරණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරඟය සඳහා තේරි පත්වනවා. ලෝක කුසලාන තරඟාවලියේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.

Match schedule announced for ICC Men's Cricket World Cup 2023

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 7වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්හි හීදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.

May be an image of text that says "7TH OCT 2023 2:00PM (SLST) DELHI 网 VS SOUTH AFRICA 10TH OCT 2023 2:00PM(SLS HYDERABAD VS PAKISTAN 2023 2:00PM LUCKNOW vS AUSTRALIA ICC MEN'S CRICKET WORLD CUP INDIA 2023 21ST OCT 2023 10:00AM (SLST) LUCKNOW VS NETHERLANDS 26TH OCT 2023 2:00PM LST)| BENGALURU 网 VS HENGLAND 30TH OCT 2023 2:00PM (SL PUNE VS AFGHANISTAN 2ND NOV 2023 2:00PM 原 VS 0 INDIA ST) MUMBAI 6TH NOV 2023 2:00PM (SLST)|DELHI (SLST) 网 VS BANGLADESH 9TNOV 2023 2:00PM BENGALURU ® VS NEW ZEALAND Sri‹Lanka Cricket SRI LANKA FIXTURES"

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවක් වන TV 1 නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹිමට හැකිවනවා. ඒ අනුව පහත සංඛ්‍යාත ඔස්සේ ඔබට TV1 සුසර කරගත හැකිවනවා.

  1. කොළඹ - UHF 58 (767.25MHz)
  2. මහනුවර/කෑගල්ල/ගම්පහ - UHF 51 (711.25 MHz)
  3. ගාල්ල/මාතර/හම්බන්තොට/රත්නපුර ඇතැම් පෙදෙස්/කළුතර සෙවනැලි කලාප - UHF 53 (727.25 MHz)
  4. මාතලේ,මහනුවර ඇතැම් කොටස්,කුරුණෑගල/පුත්තලම/බදුල්ල ඇතැම් කොටස්/ත්‍රිකුණාමලය/මන්නාරම/අනුරාධපුර/පොළොන්නරුව/මඩකලපුව - UHF 53 (727.25 MHz)
  5. රත්නපුර සහ සබරගමුව ඇතැම් කොටස් - UHF 54 (735.25 MHz)
  6. බදුල්ල, මොණරාගල, මාතර, හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ ලග්ගල - UHF 58 (767.25 MHz)
  7. නුවරඑළිය පහළ කොටස් - UHF 29 (535.25 MHz)
  8. මතුගම (රන්නලගල)/කළුතර සෙවනැලි කලාප - UHF 53 (727.25 MHz)
  9. යාපනය - UHF 34 (575.25 MHz)
  10. නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්) UHF 59 (775.25 MHz)
  11. නුවරඑළිය, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, කෑගල්ල, බදුල්ල ඇතැම් කොටස් ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආවරණය කරයි.

Dialog TV පාරිභෝගිකයන් සඳහා Star Sports 1 SD (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේ ද PEOTV පාරිභෝගිකයන් සඳහා Event TV SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ද ඔස්සේ නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා. තවද Freesat පාරිභෝගිකයන් සඳහා TV1 (Channel 10) ඔස්සේ නැරඹිය හැකිවනවා.

මීට අමතරව FM 92.7 ඔස්සේ Y FM හරහා සියලුම තරඟවල සජීවී විස්තර විචාරයට සවන්දිය හැකියි.

එමෙන්ම මේ තරගාවලියේ සියලූම තරග Dialog Viu සහ PEOTV Go App ඔස්සේ ද සිරස TV වෙබ් අඩවිය ඔස්සේ ද සජීවිව නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna