අද සිට ඇරෙඹන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි​යේ පුහුණු තරග නරඹන්නේ මෙහෙමයි

අද සිට ඇරෙඹන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි​යේ පුහුණු තරග නරඹන්නේ මෙහෙමයි

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින 13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඔක්තෝම්බර් 05 වන දින ඉන්දීයාවේදී ඇරඹිමට සියලු කටයුතු සුදානම්ව පවතින අතර අද දින (29) සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා Warm Up Matches පැවැත්වෙන අතර තරඟ කාළ සටහන පහතින් ඔබට නැරඹිමට පුලුවන්.

මේ Warm Up Matches සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ඇරඹීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා පුහුණු තරග දෙකක් ලැබී තිබෙන අතර ඉන් එකක් අද (29) පස්වරු 2.00ට බංගලාදේශය සමඟින් ද අනෙක් තරගය එළඹෙන ඔක්තෝම්බර් 03 වන දින පස්වරු 2.00ට ඇෆ්ගනිස්ථානය සමඟින් ද අනෙක් පුහුණු තරගය පැවැත්වීමට නියමිතව පවතිනවා.

Warm Up Matches සියල්ලම සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාව ඔස්සේ ද, Dialog TV නාලිකා අංක 69 (Star Sports 2) සහ Peo TV නාලිකා අංක 40 (Star Sports 2), නාලිකා අංක 41 (Star Sports1), නාලිකා අංක 39 (Star Sports Select 1 SD), නාලිකා අංක 313 (Star Sports Select 1 HD) ඔස්සේද නැරඹිය හැකි වනවා.

තරගාලියේ ජයග්‍රාහී කණ්ඩායම සඳහා ඩොලර් මිලියන 4කුත්, අනුශුරයින් සඳහා ඩොලර් මිලියන 2කුත් ත්‍යාග මුදල් ලෙස ලබා දෙන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දක්වා තිබෙනවා. ඔක්තොම්බර් 05 සිට ඇරඹෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සියලු තරඟ නරඹන ආකාරය පිළිබඳව ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara