අද සිට ඇරඹෙන ආසියානු කුසලාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

මෙවර තරගාවලිය පන්දුවාර 50 එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර මේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබනවා.

අද සිට ඇරඹෙන ආසියානු කුසලාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද දින පාකිස්තාන සහ නේපාලය අතර ක්‍රිකට් තරගය සමඟින් ආරම්භ වීමට නියමිතව පවතිනවා. මෙවර තරගාවලිය පන්දුවාර 50 එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර මේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබනවා.

ඒ අනුව තරගාවලියේ මුලු තරග 13න් තරග 04ක් පාකිස්තානයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය සහ අනෙක් තරග සියල්ලම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මෙහි තරග කාළසටහන පහත පරිදි වනවා.

Image Source - Sri Lanka Cricket

මෙම තරගාවලිය සඳහා පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලය A කාණ්ඩයෙනුත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය B කාණ්ඩය ඔස්සේත් තරග වැදීමට නියමිතයි. මෙම කාණ්ඩ දෙකෙන් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 4, සුපිරි 04 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබන අතර එම තරග වටයෙන් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ලබනවා.

මෙම තරගාවලිය සියලු තරග සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාව ඔස්සේ නැරඹීමේ හැකියාව ලැබෙන අතරම සිත FM (88.6/88.8 MHz) ඔස්සේත් මේ තරගාවලියේ සියලු තරග සඳහා සවන් දීමේ හැකියාවත් ලැබෙනවා. ඒ වගේම PEOTV පාරිභෝගිකයන් සඳහා Event TV (Ch No - 20) සහ Event Tv HD (Ch No - 310) ඔස්සේ නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙන අතර Dialog Tv පාරිභෝගිකයන් සඳහා Star Sports 1 (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේත් එම නාලිකා සක්‍රීය කර ගැනීම ඔස්සේ නැරඹීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව PEOTV GO, Dialog ViU සහ Sirasa Tv වෙබ් අඩවිය ඔස්සේත් නැරඹීමේ හැකියාව තිබෙනවා.

සැ:යු - කෙසේ වෙතත් PeoTV පාරිභෝගික ඔබට මෙම තරගාවලිය මේ වන විට නොමිලයේ නැරඹිය හැකි වන්නේ නාලිකා අංක 120 - Event Tv Plus ඔස්සේ වන අතර Star Sports 1 (Ch No 41) නාලිකාව සක්‍රීය කර ගැනීමෙන්ද මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැ⁣බෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara