Apple සමාගමේ WWDC 2023 එළඹෙන ජුනි 05 පැවැත්වීමට සියල්ල සූදාන​ම්

Apple සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව තොරතුරු නිකුත් කිරීම සඳහා වන මේ Event එකේ in Depth Session එක ජුනි 6 සිට ජුනි 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

Apple සමාගමේ WWDC 2023 එළඹෙන ජුනි 05 පැවැත්වීමට සියල්ල සූදාන​ම්

Apple සමාගම විසින් මේ වසරේදී පැවැත්වීමට නියමිත පළමු WWDC Keynote Event එක එළඹෙන ජුනි මස 05 වන දින Apple Park හිදි පැවැත්වීමට නියමිත බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

Apple සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව තොරතුරු නිකුත් කිරීම සඳහා වන මේ Event එකේ in Depth Session එක ජුනි 6 සිට ජුනි 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි. මේ කාළ සිමාව තුළ Developersලා සඳහා in Depth Session Video 175ක් පමණ සුදානම් කර තිබෙන අතරම Developersලා සඳහා මීලග පරම්පරාවේ Apps සහ Games නිෂ්පාදනය පිළිබඳවත් ඉගෙන ගැනිමට මේ Event එක ඔස්සේ අවස්ථාව උදා වනවා.

මේ Event එකෙදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone, iPad, Apple TV, Apple Watch, සහ Mac සඳහා වන නවතම Operating System Update එක හඳුන්වා දෙනු ඇති අතර මීට අමතරව Mixed-reality Headset එකකුත් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මෙලෙස Mixed-reality Headset එකක් හඳුන්වා දුන්නොත් ඒ සඳහාත් Operating System එකක් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

  • iOS 17
  • iPadOS 17
  • watchOS 10
  • macOS 14
  • tvOS 17
  • xrOS
Apple mixed reality glasses render – side view. Image source: Ian Zelbo

ඒ වගේම මේ Apple OSවලට අමතරව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින Mixed-reality Headset එකත් බොහෝ දුරට මේ Event එකේදී එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. වාර්තා වන ආකාරයට මෙය ඩොලර් 3000ක පමණ මුදලකට හඳුන්වා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

මීට අමතරව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින්නේ Apple Silicon Mac Pro සහ 15-inch MacBook Air එකත් මේ Event එකේදීම හඳුන්වා දෙනු ඇතැයි කියායි. කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවුවත් අන්තර්ජාල තුළ වාර්තා වන තොරතුරුවලට අනුව අපට මේවා පිළිබඳවත් යම්කිසි බලාපොරොත්තුවක් තබා ගත හැකි වනවා.

ඔබටත් මේ Apple WWDC 2023 Keynote Event එක Apple website එක, Apple Developer app එක, Apple TV app එක සහ Apple සමාගමේ නිල YouTube channel එක ඔස්සේත් නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Sources: www.apple.com bgr.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara