ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නරඹන්නේ මෙහෙමයි

රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග සියල්ලම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග සියල්ලම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලියේ තරග කාළසටහන පහත දැක්වෙනවා.

  • පළමු එක්දින තරගය - ජුනි 02‌‌
  • දෙවන එක්දින තරගය - ජුනි 04‌‌
  • තෙවන එක්දින තරගය - ජුනි 07

මෙම තරග සියල්ල උදෑසන 10ට ආරම්භ වීමට නියමිත වන අතර සුපුරුදු පරිදි Dialog සහ Peo TV නාලිකා ඔස්සේ ද මෙම තරගාවලිය විකාශය වනු ලබනවා. එමෙන්ම මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය විකාශන අයිතිය ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔබට Supreme TV නාලිකාව, Dialog TVහි Ten Cricket නාලිකාව (නාලිකා අංක 65) සහ Peo TVහි Ten Cricket නාලිකා (නාලිකා අංක 317- HD සහ නාලිකා අංක 44 - SD) ඔස්සේ මෙම සම්පූර්ණ තරගාවලියම නැරඹිමේ හැකියාව ලැබෙනවා. මේ තරගාවලියේ තරග සඳහා ප්‍රවේශපත් කොළඹ සහ හම්බන්තොට පිහිටුවා ඇති විශේෂිත ප්‍රවේශපත් කුටිවලින් සහ Sri Lanka Cricket වෙබ් අඩවිය ඔස්සේත් මිලදී ගත හැකි වනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna