මේ දේවල් කරොත් Zoom meetings වලදි පැහැදිලිව වීඩියෝ එක බලන්නත්, පැහැදිලිව සවන් දෙන්නත් පුළුවන්

මේ දේවල් කරොත් Zoom meetings වලදි පැහැදිලිව වීඩියෝ එක බලන්නත්, පැහැදිලිව සවන් දෙන්නත් පුළුවන්

මේ දවස්වල බොහෝ දෙනා Online පන්ති පැවැත්ම සදහා යොදාගන්නා App එකක් තමයි Zoom කියන්නේ. මේ App එක විවිධ Operating System සදහා නිකුත් කර තිබෙන අතරම ඔයාලට නොමිලේ භාවිත කරන්න පුලුවන්. ඉතින් මේ හරහා සම්බන්ධවෙන අයට තියන ලොකුම ගැටලු කිහිපයකට විසදුම් තමයි අපි අද කතා කරන්න යන්නේ.

Zoom භාවිත කරන ගොඩක් අයට මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් තමයි අපැහැදිලිව පෙනීම සහ ඇසීම කියන්නේ. මේකට හේතුවෙන කාරණා කිහිපයක්ම තියනවා.


එයින් එකක් තමයි සියලු දෙනා Microphone සහ Camera On කිරීම. ඒ නිසා අපේ Computer එකට හෝ Smart Phone එකට අනෙක් අයගේ Video සහ Audio Download වීමට පටන් ගන්නවා. ඒ මගින් අපේ අන්තර්ජාල වේගය ඉක්මයාම සහ අපගේ ඉතිරිව ඇති ඩේටා ප්‍රමාණය ඉක්මනින්ම ඉවර වීමට පටන් ගන්නවා. එය අඩු අන්තර්ජාල වේගයක් තිබෙන හෝ Signal මට්ටම අඩු අයට අපහැදිලිව පෙනිමට හේතු වෙනවා. ඒ නිසා අවශ්‍යම වූ විට පමණක් Video සහ Audio On කර සිටීමෙන් ඉතා හොද මට්ටමේ Video Quality එකක් ලබා ගත හැකි වෙනවා. තවද ඉතා කෙටි ශබ්ද පවා අපගේ Microphone හරහා Zoom Meeting එකට ඇසෙන නිසා අනවශ්‍ය වෙලාවටත් නිතරම Microphone On කීරීමෙන් අනෙක් සියලු දෙනාට එය බාධාවක් වෙනවා.

තවත් කරුණක් තමයි අපගේ Computer එකේ හෝ Smart Phone එකේ Background Appsවල ක්‍රියාකාරීත්වය. ඉතින් අපි Zoom භාවිත කරන වෙලාවට අපිට අනවශ්‍ය Appsවල ඇති අනවශ්‍ය ක්‍රියාකාරීත්වය නිසා ඒවා සදහාද Data සහ process අවශ්‍ය වීමෙන් Zoom App එක සදහා Data ලැබිම අඩු වෙනවා. මේ ගැටලුව නිරාකරණය කිරීමට ඔබගේ Smart Phone එකේ ඇති Sync පහසුකම Off කිරීම හෝ Computer එකේ ඇති Task Manager භාවිතා කර අනවශ්‍ය Process ඉවත් කීරීම ද සිදුකල හැකි වෙනවා.

Smart Phone එක මගින් Zoom වෙත එන අයට තියන තවත් ගැටලුවක් තමයි අපට එන Calls සහ Messages නිසා එකවර Screen එකේ තිබෙන දෑ නොපෙනීයාම. මේ සදහා අප කල යුත්තේ Do Not Disturb Mode එක භාවිතා කිරීමයි. ඒ සදහා Smart Phone එකේ Settings වෙත ගොස් Do Not Disturb ලෙස Search කර එය On කීරීමෙන් සිදු කර ගත හැකි වෙනවා. එසේම Zoom Meeting අවසානයේදී එය Off කිරීමට ද ඔබ මතක තියා ගතයුතු වෙනවා.

තවත් එකක් තමයි අපේ අන්තර්ජාල සබදතාවේ වේගය ඉතාමත් අඩු එකක් වීම. මේ සදහා අපිට වෙනත් සබදතාවක් ලබාගැනීම හෝ Signal තිබෙන තැනකට ගමන් කිරීම කල හැකි වෙනවා. තවද Zoom වෙනුවෙන්ම තිබෙන Data Packages භාවිතා කිරීමෙන් ඔබට Zoom සදහා අඩු මුදලට වැඩි Data ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara