Windows 10 Clipboard එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

Windows 10 Clipboard එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

සරලවම මේ Clipboard එක කියන්නේ අපි පරිගණකයකින් හෝ දුරකථනයකින් යම් කිසි Text එකක් හෝ වේවා එය Copy කිරීම කල විට එය තබාගන්නා ස්ථානයයි. බොහෝ විට උපාංගය නැවත Restart කරන තෙක්ම Clipboard එකෙහි අප විසින් Copy කර ගන්නා දේවල් ගබඩා කර ගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ Clipboard එක Windows 10 වලදි On කරගෙන වැඩ කරන්නේ කියලයි.

ඉතින් මේ සදහා අපිට Windows මෙහෙයුම් පද්ධතිය මගින්ම කෙටි පහසුකමක් ලබාදීලා තිබෙනවා. ඒ තමයි Windows Key එකත් සමග V අකුර එබීම. දැන් ඔබට පහත ආකාරයේ කුඩා කොටුවක් තිරයේ දකුණු පැත්තේ පහලින් බලාගන්න පුලුවන්.

දැන් එය On කරන්න. ඉන් පසු ඔබ Copy කරන සියලු දෑ මෙන්ම Print Screen බටන් එක හරහා ගන්නා ලද Screenshots පවා මෙහි ගබඩා වෙනවා. මෙහි ගබඩා වු දේවල් Windows Button එක සමග V අකුර එබිමෙන් නැවත නැවත අවශ්‍ය විට ලබා ගත හැකි වෙනවා.

අපිට මෙහි Clipboard Settings බලාගැනීමට නම් Settings හි තිබෙන System තුල ඇති Clipboard වෙත යා යුතුය.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna