ඔබගේ iOS හෝ Android Smartphone එකෙන් ChatGPT භාවිතා කරන්නේ මෙහෙම​යි

ඔබගේ iOS හෝ Android Smartphone එකෙන් ChatGPT භාවිතා කරන්නේ මෙහෙම​යි

OpenAI සමාගම විසින් නිර්මාණය කර නිකුත් කළ ChatGPT යෙදවුම මේ වන විට ලොව පුරා පරිශීලකයන් මිලියන 100කට අධික ප්‍රමාණයක් භාවිතා කරන බවට සනාථ වී තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට මෙය භාවිතා කිරීමට හැකි අතර සමහර අවස්තාවලදී OpenAI සමාගම විසින් මෙහි Load Balance කිරීම සඳහා යම් විටක මේ සඳහා ඇතුළු වීමට සීමාවන් පනවනු ලබනවා.

ඔබට ChatGPT වලින් ඕනෑම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නම්, ඔබ වැඩිපුරම භාවිත වන උපාංගයේ Sign-in වී සිටීම පහසු වනු ඇත. ඒ අනුව ඔබගේ Android/iOS Smartphone එකෙන් මේ ChatGPT භාවිතා කරන්නේ කෙසේදැයි අපි මේ ලිපියෙන් සොයා බලමු.


පියවර 1

Android හෝ iOS දුරකතනයෙන්, Google Chrome, Apple Safari හෝ ඔබගේ Web Browser එක Open කරගෙන chat.openai.com වෙත පිවිසෙන්න.

පියවර 2

දැන් එහි දැක්වෙන මෙම Welcome Screen එකේ ඔබට අලුත් ගිණුමක් සාදාගැනීමට අවශ්‍ය නම් Sign Up මත Click කරන්න. එසේත් නැතිනම් ඔබ මීට පෙර PC එකකින් Chat GPT ගිණුමක් සාදා ගෙන භාවිතා කළේ නම් එම ගිණුමටම නැවත පිවිසීම සඳහා Log in මත Click කරන්න.

පියවර 3

ඔබට Sign Up වීමේදී Email ලිපිනය සහ Password එකක් ලබා දිය යුතුවනවා. මෙහිදී ඔබ ලබා දුන් Email ලිපිනය භාවිතයේ ඇති එකක් විය යුතුම වනවා, සහ Password එක අක්ෂර 8කට වැඩි විය යුතුවනවා.

එසේත් නැතිනම් ඔබට පහසුවෙන් Log වීම සඳහා ඔබගේ Google Account එක හෝ Microsoft එක භාවිතා කළ හැකිවනවා. කෙසේවෙතත් iOS පරිශීලකයන් සඳහා Apple ID එක භාවිතා කළ නොහැකිවනවා.

පියවර 4

ඉහත ඔබ ලබා දුන් Email ලිපිනයට ලැබෙන Mail එකෙහි ඇති Verification Link එක මඟින් ඔබගේ ගිණුම සක්‍රීය කර ගත හැකි වනවා.

Bonus Tip : ChatGPT PWA එකක් විදියට install කරගමු.

ඔබට මේ තුළින් Android සහ iOS Smartphone වල මේ PWA එක install කරන ආකාරය දැනගත හැකියි.

Android

iOS


හරි! දැන් ඔයාට ChatGPT ඔයාගේ Android හෝ iOS Device එකෙන් භාවිතා කරන්න පුළුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara