iPhone මඟින් Scrolling Screenshot ගන්නේ මෙහෙමයි

iPhone මඟින් Scrolling Screenshot ගන්නේ මෙහෙමයි

මෑතක් දක්වා ඔබගේ iPhone හි Scrolling Screenshot එකක් ගැනීම සඳහා Third-party app එකක් අවශ්‍ය විය. නමුත් දැන් iOS Mobile Phone එක මඟින් ඔබට වෙබ් පිටුව​ක, PDF සටහනක, සටහන් යෙදුම, හෝ ඊමේල් සටහනක Scroll Screenshot එකක් කිසිඳු Third-Party App එකකින් තොරව පහසුවෙන් Capture කර ගත හැකිය.


පියවර 01

Power Button එක සහ Volume up Button එක එකවර Press කර සාමාන්‍ය පරිදි Screenshot එකක් ලබා ගන්න.

පියවර 02

දැන් එම Screenshot එක Disappear වීමට පෙර පහළ වම් කෙලවරේ ඇති Preview ඔබන්න.

පියවර 03

එහි ඉහල දකුණු කෙලවරේ ඇති Full Page Select කරන්න. මෙම Full Page option එක දිස්වනු ලබන්නේ pages එකකට වඩා ඇති අවස්තාවල පමණි.

පියවර 03

මෙහිදී ඔබට සියලු Pagesහි preview එකක් පෙන්වන අතර සංස්කරණය කිරීමටද ඔබට අවස්ථාව සලසා දේ.

පියවර 04

ඔබට අවශ්‍යය සංස්කරණ සිදුකර වම් උඩ කෙලවරේ ඇති Done ඔබන්න.

Image Source: 9to5mac.com
Source: 9to5mac.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna