නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර ඔබගේ ගිණුමත් තිබේද? එසේ නම් ඔබගේ ගිණුම ආරක්ෂා කරගන්නේ කෙසේද?

මේක ඩේටා බ්‍රීච් එකකදි විතරක්ම නෙවෙයි, ෆේස්බුක් එකටම සීමා වුනු දේකුත් නෙවෙයි. ඕනෑම එකවුන්ට් එකක් ආරක්ෂා කරගන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග කිහිපයක්.

නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර ඔබගේ ගිණුමත් තිබේද? එසේ නම් ඔබගේ ගිණුම ආරක්ෂා කරගන්නේ කෙසේද?

මේ data breach එක ගැන ගොඩක් දෙනෙක් මේ වන විටත් දන්නවා ඇති. ඒ නිසා වැඩිදුර විස්තර කතා නොකොට, අපි බලමු කොහොමද මේ ගිණුම් මිලියන 533 අතර ඔබගේ ගිණුමත් තියෙනවාද කියලා දැනගන්නෙ කියලා. ඔබට මෙම දත්ත නිරාවරණය පිලිබඳව වැඩිදුර තොරතුරු අප විසින් මීට පෙර ගෙන ආ Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නිරාවරණය කරයි නම් වාර්තාවෙන් ලබා ගත හැක.

මේ link එකෙන් Firefox Monitor එකට ගිහින්, email address එක ඇතුලත් කරලා බලාගන්න පුලුවන් ඔබගේ දත්ත මෙම data breach එකේදී හෝ වෙනයම් අවස්තාවක leak වී තියෙනවාද කියලා.

https://monitor.firefox.com/?breach=Facebook

හරි, අපි දැන් බලමු එම දත්ත අතර ඔබගේ ගිණුම ඇතුලත් වී තිබුනත්/නැතත් මොකද කරන්න ඕනෙ කියලා.

  1. පළවෙනිම දේ, ඔබගේ password එක වෙනස් කර strong password එකක් යොදන්න.
  2. එම passwords ඔබ වෙනත් ගිණුම් සඳහා ද භාවිත කර තිබුණේ නම් එම ගිණුම් වලද passwords change කරන්න.
  3. Two-factor authentication enable කරගන්න.
  4. මෙම දත්ත නොමිලයේම මුදාහැර ඇති නිසා, බොහෝ දෙනෙක් ඒවා අවභාවිතා කිරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔබගේ දුරකථනයට, email ගිණුමට හෝ Facebook ගිණුමට ලැබිය හැකි scam හෝ phishing  පණිවුඩ පිළිබඳව සැලකිලිමත් වන්න.
  5. ඔබගේ phone numbers, Facebook IDs, full name, locations, birthdate, bio, සහ email addresses වෙනත් පුද්ගලයින් දන්නා බැවින් එම විස්තර භාවිතා කරමින් ඔබව නොමග යැවිය හැකි අවස්තා හෝ ඔබට හානි කල හැකි අවස්තා පිළිබඳව සැලකිලිමත් වන්න.
  6. ඔබගේ දත්ත මින් පෙර breach වී නොතිබුනත් පහත ක්‍රියාමාර්ග නිරන්තරයෙන් අනුගමනය කරන්න.

    i) ශක්තිමත් මුර පද භාවිතා කරන්න.
    ii) එක මුර පදයක් එක ගිණුමකට පමණක් භාවිතා කරන්න.
    iii) හැකි සෑම විට 2 Factor Authentication භාවිතා කරන්න.
    iv) නිතරම ඔබගේ මුර පද වෙනස් කරන්න.ගත යුතු ආරක්ෂිත පියවර ගැන වැඩිදුර

විස්තර: https://monitor.firefox.com/security-tips

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara