Facebook එකේ කරදරකා​රී @friends tag එකෙන් බේරෙන්නේ මෙහෙම​යි

Facebook එකේ කරදරකා​රී @friends tag එකෙන් බේරෙන්නේ මෙහෙම​යි

මේ දවස් වල Facebook එකේ පටන් අරගෙන තියෙන අළුත්ම trend එක තමයි, @everyone හෝ @friends කියන tag එක පාවිච්චි කරලා තමන්ගේ Facebook friend list එකම, එක පාර mention කරගෙන යන එක. මේක බොහොමයක් අයට කරදරයක් වෙන්න ගත්තේ කිසිම සීමාවකින් තොරව Facebook පරිශීලකයන් විසින් මේ නව විශේෂාංගය නිතරම භාවිතා කිරීමට පටන් ගැනීමත් සමඟයි.

මේ ලිපිය ලියන මටත් මේක හරි කරදරයක් බවට පත් වෙන්නට ගත්තේ විනෝදයටත් ඇතැමුන් මේ tags භාවිතා කිරීමත් සමඟයි. මෙවැනි නව විශේෂාංගයක් එකතු කිරීමත් සමඟම Meta ආයතනය විසින් ඒ හරහා ලැබෙන notifications නවත්වා ගැනීමටද හැකියාව ලබා දී තිබෙනවා. මේ ලිපිය කියවන ඔයාට පහලින් තියෙන පියවරයන් අනුගමනය කිරීමෙන් පසුව එම notification ලැබීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

එහෙනම් අපි බලමු කොහොමද මේ කරදරකාරී notification එක නවත්වා ගන්නේ කියල.

මුලින්ම පල්ලෙහා screenshot එකේ තියෙන විදිහට Facebook app එකේ menu එකට යන්න.

මේකේ තියෙන ෆෝන් එක විකිණිලා තියෙන්නෙ, ඒක නිසා අහන්න යන්න එපා. 😒

ඒ menu එක හරහා Settings වලට පිවිසෙන්න.

දැන් එන menu එකෙන් Profile Settings වලට පිවිසෙන්න.

එතනින් Notification Settings කියන එකට පිවිසෙන්න.

Tags කියන එක උඩ tap කරන්න.

එතනින් එන menu එකෙන් Friends of Friends කියන option එක select කරන්න.

ඊට පස්සෙ ඔයාට පෙනෙයි Receive notifications for කියන menu එකක් ඊට පල්ලෙහයින්.

එතනින්, Batch @everyone mentions කියන option එක off කරන්න.

දැන් ඔයාට කරදරකාරී notification එකෙන් මිදිලා සාමකාමීව Facebook එකේ කාලය ගෙවීමට හැකියි. නමුත් මේකෙන් tag වෙන එක නවතින්නේ නෑ, notifications එන එක විතරයි නවතින්නේ.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara