වැඩ කරන්නේ නැති හාර්ඩ් එක හරි පෙන් ඩ්‍රයිව් එක හරි විසික් කරන්න කලින් මේක කියවලා ගොඩ දාගන්න බලන්​න

වැඩ කරන්නේ නැති හාර්ඩ් එක හරි පෙන් ඩ්‍රයිව් එක හරි විසික් කරන්න කලින් මේක කියවලා ගොඩ දාගන්න බලන්​න

ඔයාලා පාවිච්චි කරන USB drive මොකක් හරි හේතුවක් නිසා වැඩ කරන්නේ නැතුව ගියොත් නිකංම පිච්චිලා කියලා හිතලා විසි කරලා දානවද? එහෙනම් ඊට කලිං මේ ලිපිය හොඳින් කියවලා බලන්න. අපි මේක කරන්න CMD තමයි යොදාගන්නෙ. ප්‍රවේශ විය නොහැකි, කියවිය නොහැකි, Partition වූ සහ corrupted වූ USB flash drive, pen drive, memory stick නැවත සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට තමයි කියලා දෙන්න යන්නෙ. පිච්චිලා නැත්ත බොහෝ දුරට ඔයාගෙ USB drive එක ගොඩ දාගන්න පුළුවන් වෙයි.

මං අද පෙන්නන්නෙ මගෙ partition වෙච්ච pen drive එක කොහොමද නැවත පෙර විදියටම සකස් කරගන්නෙ කියලා. (අනිකුත් අවස්ථා වලදිත් යොදාගන්නා step ටික මේවමයි).
පහල මං දාලා තියෙනවා step by step වැඩේ කරන විදිය

01. හරි ඉස්සෙල්ලම ඔයාගේ අදාල USB driver එක ඔයාගෙ පරිගණයකට plug කරගන්න. ඔයාගෙ USB drive එක පිච්චිලා නැත්ත Task bar එකෙයි Disk management වලයි මේ විදියට ඔයාගෙ drive එක පෙන්නයි. (සමහරවිට My computer/ This PC වල නොපෙන්වන්න ඉඩ තියෙනවා)

මේ තියෙන්නෙ මගෙ partition වුන USB drive එක

02. ඊටපස්සෙ ඔයාගෙ computer එකේ CMD එක run as administrator ලෙස open  කරගන්න.

03. ඊටපස්සෙ ඉස්සෙල්ලම diskpart කියලා type කරලා enter  කරගන්න. ඊටපස්සෙ පහළි​ත් තියෙන steps ටික පිලිවෙලට ටයිප් කරලා enter කර කර යන්න.

04. list disk (hit enter) දැ​න් ඔයාගෙ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන Disk මොනාද කියලා ​මේ විදියට ලිස්ට් එකක් පෙන්නයි.

05. select disk 1 (hit enter)

මෙතනදි ඔයා ඔයාගෙ USB drive එකේ අංකයට මේ (1) කියන අංකය replace කරගන්න. ඔය 0 කියලා පෙන්නන්නෙ මගෙ HDD එක.

දැ​න් ඔයාට පෙන්නයි ඔයාගෙ disk එක එහෙම නැත්තං USB dive එක select වෙලා තියෙනවා කියලා.

06. clean (hit enter)

දැ​න් ඔයාට පෙන්නයි disk එක clean උනා කියලා

දැ​න් තියෙන්නෙ ඔයාට ආය disk එකේ partition එක create කරගන්න.

07. create partition primary (hit enter)

දැ​න් ඔයාට පෙන්නයි partition එක create උනා කියලා.

08. format fs=ntfs (hit enter)

මෙතනදි ඔයාගෙ disk එක නැවත format වෙනවා පෙන්නයි. ඒක 100% complete වෙනකං ඉන්න.

09. Assign (hit enter)මේක තමා අපේ අවසාන ස්ටෙප් එක. මේක එන්ටර් කරාම ඔයාට DiskPart successfully assigned the device letter or mount point කියලා පෙන්නයි. ඒ කියන්නෙ වැඩේ ගොඩ.

My computer එකට ගිහින් ඔයාගෙ disk එක බලන්න ගොඩ ගිහින් ඇති. ?

All steps are in one

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara