අපි ඉන්න තැනට තියෙන උන්නතාංශය සොයා ගන්නේ කොහොමද?

අපි ඉන්න තැනට තියෙන උන්නතාංශය සොයා ගන්නේ කොහොමද?

මුලින්ම බලමු මොකක්ද මේ උන්නතාංශය කියන්නේ කියලා. උන්නතාංශය කියන්නේ අපි ඉන්න යම්කිසි තැනකට තියෙන මුහුදු මට්ටමේ ඉඳල උස. සරලවම උන්නතාංශයෙන් අපිට මුහුදු මට්ටමට සාපේක්ෂව අපි කොච්චර උඩකින් ඉන්නවද කියල දැන ගන්න පුළුවන්. ඉතින් මේකට Simple ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්.

1. Google Maps

ඉතින් අපි හැමෝම දන්න Tool එකක් වෙන Google Mapsවලින් අපිට උන්නතාංශය බලා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ Google Maps open කරලා ඊට පස්සේ Layers icon එක (Desktop එකේ නම් වම් අත පැත්තේ කොනේ, Google Maps Mobile app එකේ නම් Search bar එක පහළ) Click කරලා Terrain කියන Option එක choose කරන එක. ඊට පස්සේ ටිකක් විතර Zoom කරගෙන යද්දී ඔයාට ඒ තැනට අදාළ උන්නතාංශය පේන්න ගනීවි.

2. My Elevation Android Application

Google Maps එකෙන් මේ වැඩේ ටිකක් අමාරැයි කියලා තෙරෙනවා ඇතිනේ, බලමුද ඉටත් වඩා පහසු විදිහක් ගැන. මේ App එකත් එක්ක බලද්දී. ඇත්තටම කරන්න තියෙන්නේ App එක Download කරලා Install වෙනකන් ඉඳල App එක Open කරලා Location Access දෙන එක විතරයි. ඊට පස්සේ App එකෙන් අපේ අක්ෂාංශ, දේශාංශ අනුව අපේ උන්නතාංශය Measure කරනවා. ඒ වගේම මේ App එක පාවිච්චි කරලා Directions එහෙමත් ගන්න පුළුවන්.

3. Compass iOS Application.

iPhone එකක් තියෙනවනම් ඉතින් උන්නතාංශය හොයන එක වැඩක් නෙමෙයි. කරන්න තියෙන්නේ Apple Phoneවලට Pre-install කරලා තියෙන Compass App එක Open කරන එක විතරයි. ලේසියෙන් ම උන්නතාංශය හොයා ගන්න පුළුවන්.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna