Windows 10 Hibernate කරන්නේ කොහොමද?

Windows 10 Hibernate කරන්නේ කොහොමද?

ඔයා බොහෝ වෙලාවට Laptop / Desktop එක Shutdown කරනවා වෙන්න පුළුවන්. හැබැයි පැය කීපයකට Shutdown වෙන PC එක නැවතත් On වෙනවත් එක්කම හැමදාම Open කරන Apps සහ Folders හැම දෙයක්ම නැවතත් විවෘත කරන්න වෙනවා කියලා ඔයා කොහොමත් දන්නවානේ.

මේ විදිහට ඔයා PC එකෙන් ඉවත්වෙලා ඉන්න පැය කීපයකට විතරක් වැඩ කරපු දේවල් ඒ විදිහටම තියාගෙන PC එක power OFF කරන්න පුළුවන් option එකක් තමයි Hibernate කියන්නේ.

මේකෙන් සිද්ද වෙන්නෙ පරිගණකය වැඩ කරමින් පවතින වෙලාවේ RAM එකේ තියෙන දත්ත HDD එකට Save කිරීම. මේ හරහා අපට PC එක සම්පූර්ණයෙන්ම OFF කරන්න පුළුවන්. ඒ වගේම ආයෙත් PC එක On කලාම අපි කරපු වැඩ වල සිට හැම දෙයක්ම ඒ නවත්තපු තැන ඉඳන්ම පටන් ගන්න පුළුවන්.

ඉතිං අපි බලමු Windows 10 වලදි Hibernate option එක enable කරන්නෙ කොහොමද කියන්නේ කියල.

  1. Windows 10 settings වලට ගිහින් Power options search කරන්න. දැන් එන Windows power & Sleep Settings තෝරන්න

2. එවිට ලැබෙන පහත Window එකෙන් වම් පස ඇති Choose What the Power Button Do යන්න තෝරන්න.

3. දැන් ඊළඟ window එකේ Change Settings That are currently unavailable තෝරන්න.

4. ඒකෙන් Hibernate තෝලාා Save Changes කරන්න.

දැන් වැඩේ හරි! එහෙනම් මේ වගේ තව වැදගත් article එකකින් හමුවෙමු. Hibernate ගැන ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපේ COMMUNITY එකට ගිහින් ඒ ප්‍රශ්න වලට ලේසියෙන් සහ ඉක්මනින් උත්තර හොයා ගන්න පුළුවන්.

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna