HDD එකකින් SSD එකට මාරු වෙනකොට ලේසියෙන්ම OS එක SSD එකට clone කරගන්නේ මෙහෙමයි

HDD එකකින් SSD එකට මාරු වෙනකොට ලේසියෙන්ම OS එක SSD එකට clone කරගන්නේ මෙහෙමයි

Desktop එකේ හෝ Laptop එකේ HDD එක මාරු කරද්දි හෝ SSD එකකට මාරු වෙද්දි බොහෝ දෙනෙක් කරන්නේ OS එක අලුතෙන්ම install කරන එක. මෙහෙම කරන්නේ නැතිව ලේසියෙන්ම ඔයාගේ OS එක අලුත් Drive එකට Clone කරන විදියයි අද මම කියන්නේ.

මේ දේ කරන්න පුලුවන් නොමිලේම දෙන Software එකක් තමයි MiniTools Shadowmaker කියන්නේ. දැන් බලමු මේකෙන් අපේ වැඩේ කරගන්නේ කොහොමද කියලා.

පියවර 01

මේ Software එක මුලින් ම ඔයා Download කරගන්න මේ LINK එකෙන්. මෙතනින් Free (have a try) කියන Option එක තෝරගෙන Software එක Download කරගෙන සාමාන්‍ය විදියට install කරගන්න.

පියවර 02

මේ Software එකේ තියෙන්නෙ බොහොම පැහැදිලි Interface එකක් නිසා ඕනම කෙනෙකුට පහසුවෙන් Source එක සහ Destination එක තෝරලා දෙන්න පුළුවන්.

OS එක Clone කරද්දී නම් Tools යටතේ Clone disk කියන option එක හරහා අපේ දැන් තියෙන OS Drive එක සහ Clone එක ලබාගන්න ඕන අළුත් Drive එක තෝරල දෙන්න විතරයි තියෙන්නෙ.

100% Clone උනාට පස්සේ වැඩේ හරි. දැන් ඉතින් Clone එක ගහපු Disk එකෙන් Boot කරගෙන OS එක run කරගන්නයි තියෙන්නෙ. Disk එකේ තිබුණ Files ඔක්කෝම ඒ විදියටම තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara