Lanka Premier League ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර online මිලදී ගැනීම ​හෝ online නැරඹීම සිදු කරන්නේ මෙහෙම​යි

Lanka Premier League ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර online මිලදී ගැනීම ​හෝ online නැරඹීම සිදු කරන්නේ මෙහෙම​යි

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියරය එළඹෙන දෙසැම්බර් 06 වන දින සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිත වන මෙම තරගාවලිය මුලු තරග 24 කින් සමන්විත වනවා. මින් තරග 05ක් හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීත්, තරග 09ක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීත් සහ අවසන් තරග 10 ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට නියමිතව පවතිනවා.

‌සුපුරුදු පරිදිම Dambulla Aura, Kandy Falcons, Colombo Stars, Jaffana Kings සහ Galle Gladiators ලෙසින් කණ්ඩායම් 05කින් සමන්විත ⁣වන අතර එක් එක් කණ්ඩායම්වල සංචිත පහත ආකාරයෙන් වනවා.

‌මෙවර තරගාවලිය ශුරයින් සදහා ඩොලර් 100,000 ක ත්‍යාග මුදලක් සහ අනු ශුරයින් සදහා ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් ද ලබා දීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

තරගාවලියේ තරග කාළසටහන

‌මෙම තරගාවලියේ නිල රෑපවාහිනි විකාශන අයිතිය සහ ඩිජිටල් විකාශන අයිතිය අද දෙරණ 24 නාලිකා විසින් ලබා ගෙන තිබෙන මෙම නාලිකාව හරහා සම්පූර්ණ තරගාවලියම නැරඹිය හැකි වනවා. එමෙන්ම අද දෙරණ 24 Youtube නාලිකාව සහ Facebook පිටුව ඔස්සෙත් මෙම තරගාවලිය සජීවිව නැරඹිමේ අවස්ථාව ⁣ලැබෙනවා.

‌‌මීට අමතරව මෙවර LPL තරගාවලියේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය Sony Sports සමාගම විසින් ලබා ගෙන තිබෙන අතර Dialog Tv සහ PEO Tv පාරිභෝගිකයන්ට Sony Sports Ten 5, Sony Sports Ten 1 සහ Ten Cricket යන නාලිකාවන් ඔස්සේ SD සහ HD තාක්ෂණයෙන් යුතුව තරග නැරඹිමේ හැකියාව ලැබෙනවා අතරම තරගාවලියේ එක් එක් තරගයන් සදහා ප්‍රවේශපත්‍ර Daraz.lk මගින් මිලදී ගත හැකි වෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna