University ID එක පාවිච්චි කරලා GitHub student package එක සක්‍රීය කරගන්නේ කොහොමද?

University ID එක පාවිච්චි කරලා GitHub student package එක සක්‍රීය කරගන්නේ කොහොමද?

රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල වලද එයටම ආවේණික වුන Email විශේෂයක් තිබෙනවා. මේ මගින් තමයි ඒ විශ්වවිද්‍යාල කටයුතු නිල වශයෙන් සිදුවන්නේ. ඉතින් මේ Email වලින් අප නොහිතන සෑහෙන්න වැඩ ප්‍රමාණයක් නොමිලේම කරගන්න පුලුවන්.

අද අපි කතා කරන්න යන්නේ Campus ID එක පාවිච්චි කරලා GitHub student package එක ගන්නේ කොහොමද කියල. GitHub student package එක ගැන දන්නෙ නැතිනම් ඒකත් සිංහලෙන්ම බලන්න පුලුවන් මෙතනනින්.

හරි ඉතින් මේකට මුලින්ම අපිට GitHub account එක තියෙන්න ඕන. මෙතනින් ඔයාට පුලුවන් අලුතෙන් GitHub account එකක් හදන්න. මේ සදහා campus Email එකම ඕන නැ. ඔයා දැනටමත් Account එකක් හදලනම් ඔයාට තියෙන්නේ කෙලින්ම මේ Link එකට යන්න.

Package Selection

ඊට පස්සේ තියෙන්නේ Campus Student කියන එක Select කරන්න. දැන් ඔයාගේ GitHub Email එක දීලා Log වෙන්න.

දැන් ඔයාට පහත ආකාරයේ Form එකක් බලාගන්න පුලුවන්. මෙතනින් ඔයාගේ Email එක Select කරලා ඔයාගේ Campus නමයි ඔයා GitHub පාවිච්චි කරන්නේ ඇයි දැයි කියල සදහන් කරලා Continue කරන්න.

1st page

ඊට පස්සේ ඔයාලගේ පහත විදියේ තවත් Form එකක් බලාගන්න පුලුවන්. ඉතින් මේකේ කරන්න තියෙන්නේ ඔයාගේ Campus ID එකේ Photo එකක් සහ අදාල විස්තර පුරවන එක විතරයි. ඊට පස්සේ ඔයාට Process My Application කරන්න තියෙන්නේ.

Campus ID submit
Other Information

ඊට පස්සේ දවස් කිහිපයකින් ඔයාගේ Account එක හැදුනහම ඔයාට ඒ Email එකට පහත ආකාරයෙන් Email එකක් ලැබෙනවා.

Successful Email

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara